"දැන් තරහ ඉවරයිනේ මෝඩයෝ""
"හුම්ම්"
"මොකෝ...මේ හුම්ම් හුම්ම්ම් කියන්නෙ"
මම ආදරේ කරේ ගිරවෙකුට නිතරම කච කච ගාන
දැන් ඒකා බකමූනෙක් වෙලා හුම්ම්ම් හුම්ම්ම් ගාන""
ශිරාන් ඒක කවියක් වගේ කියනගමන් මාව එයාගෙ ඇග උඩ එහෙට මෙහෙට පැද්දුව
"මැට්ටො දගලන්නැතුව මෙහෙම ඉන්න දෙනවකො"
"ම්ම්ම් සනීපද"
" ඔවු ඔයා හරිම උනුයි...හරිම සනීපයි"
මම හිටියෙ එයගෙ උනුහුමට මෝහනය වෙලා
මුලුත් නොකියම තුරුලුවෙලා ඉන්නයි මට ඕනෙ
"අද කොහෙද උදේ වරුවෙම හිටියෙ...කෙල්ලෙක් එහෙම බලන්න ගියාද"
"ඔවූ ගියා ගියා...මග තොටේ හිටපු ඔක්කොම කෙල්ලො බල බලා ගියා"
"ආඅ...ඒව හරියන්නෙ නෑ රජෝ...ආයෙ කෙල්ලො දිහා හරි කොල්ලො දිහා හරි බැලුවොත් මේ ලස්ස්න ඇස් උගුල්ලලා පින්පොන් බෝල හදල ටේබල් ටෙනිස් ගහනව"
"ඌඌප්...ඒක හරි බයානකයිනෙ....මම ඇමරිකන් හොරර් මූවී එකකවත් දැකල නෑ ඒවගෙ බය හිතෙන සීන් එකක්"
"" ඔවූ මම සැරයි...හරිය...දැන් මම කියන විදියටම ඉන්න වෙයි""
"ඕකේ බොස්,..එහෙමම ඉන්නව"
"එහෙනම් කියනවා උදේ කොහෙද මකබෑවුනේ"
"කොහෙවත් නෑ...අද පෝය දවසෙනෙ ...පින් අතේ වැඩක් කරා"
"ඒ මොකද්ද...පින් කරද්දි තනියෙම කරන්න එපා....මාත් එක්කයනව
නැත්තන් ලබන ආත්මෙ උබ දිව්‍යලෝකෙ ගිහින් මම අපායෙ යයි"
"" ඒව කොහෙද...මමත් එහෙනම් අපායටම එනවා
ඔයා නැති දිව්‍යලෝකෙත් මට අපායක් වගේ දැනෙයි""
"ආඅ...මේක කතික තරගයක් නෙමෙයි...අපි දෙන්න විතරනෙ ඉන්නෙ ඒක නිසා අතිශෝක්ති වර්නනා එපා කොහෙද ගියා කියන්නකො"
"ඔයා දන්නවනෙ නීති ආධාරකොමිසම...මම ඒකෙ ඇසිස්ටන්ට් කෙනෙක් විදියට වැඩ කරනව වොලන්ටියර්....ගාස්තු නැතුව සපෝට් එකට
![](https://img.wattpad.com/cover/318177282-288-k398472.jpg)
BINABASA MO ANG
case කේස්
Romanceකුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.