Ep 19
මම දේශපාලන ජිවියෙක් නෙවෙයි
ආන්ඩුවෙ උන් හොර කැවත්
නිදහස් අධ්‍යපනේ වල පල්ලට ගියත්
අනගතේට හෙන හත ගැහුවත්
මට ගානක් නෑ
කන්න ටික ලැබෙනවනම්
අද දවස කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්නම්
මට ඒ හොදටම ඇති
ස්ටුඩන් කවුන්සිල්
අන්තරේ
සමාජවාදෙ
මට නයට අදුකොල වගේ
යන්තන් කැම්පස් එකට රින්ගපු එකේ
ඉන්ග්‍රීසි එක්ක සටන් කරලා කොහොම හරි ඩිග්රි කටුව අරගෙන ගෙදර යන්න තිබ්බනම් ඒ හොදටම ඇති මට
ඒත් ආදරේ නිසා මට මගෙ ගමන වෙනස් කරරන්න වෙලා
අකැමැත්තෙන් උනත්
පලවෙනි කවුන්සිල් මීටින් එකට අපේ බැච් රෙප් ඇලඩින් එක්ක ගියේ කැමැත්තෙන් නෙමෙයි
ශිරාන් ඉන්න එක විතරයි මට එතැනට යන්න තිබුන එකම මෝටිවේශන් එක
කලින් කතා කරගත්ත විදියටම ශිරානුයි මායි නන්නාදුනන් ගානට අහක් බලන් හිටියා
ජැකා අයියා තමයි කවුන්සලේ සභාපති
ශිරාන් උපසභාපති
"අද අපේ කවුන්සිලේ ඊසී එකට (එක්සෙකටිවු කමිටිය...විධායක සභාවට) ප්‍රතම වසරෙන් නියෝජිතයෙක් එකතු වෙනව
මේ යෝජ්නා කරපු නමට අකැමැත්තක් තියෙනවනම් දැන් විරෝධතා දක්වන්න"
ක්ස්වුරුත් සද්ද නොකරපු නිශ්ශබ්ධ විනාඩි දෙකකට පස්සෙ මම් යුනියෙන් මෙම්බර් කෙනෙක් උනා
එතැන වාඩිවෙලා ඉදපු 16 දෙනාම මට අතට අත දුන්නා
"සහෝදරවරුනි ඔබ දන්නව අපි ජීවත් වෙන්නෙ මහ භයානක කාලයක
මේ ආර්ථික අමාරු කාලෙදි
දේශපාලන හෙන්චයියෙක් උන අපේ වීසී (වයිස් චාන්ස්සලර් = උප කුලපති) රුපියල් මිලියන තිස් පහක් වියදම් කරලා තමන්ට ඉන්න නිල න්8වස්ස්ක් හදන්න යනවා

YOU ARE READING
case කේස්
Romanceකුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.