Ep 74
"විත්තිකරුගෙන් මම නැවත ඉ ල්ලා සිටිනව ඔබේ පිලිතුර මේ ගරු සභාවට හොදින් ඇසෙන පරිදි ලබාදෙන්න"
"මම වරදකරුවෙක් ස්වාමීනී"
කැලුම් දිගටම බිම බලන් කනට නැහෙන ගානට මිමිනුවා
"මම හිතන්නෙ ඒක අපිට ඇහුන මදි ආයෙමත් කියන්න පුලුවන්ද" ජයබහුව එකම දේ ආයෙ ආයෙ කැලුම්ගෙ කටින් කියවන්නෙ මේ නඩුව මෙතැනින්ම අවසන් බව ජූරියටයි නඩුකාරයටයි ඒත්තු ගන්වන්න
"කීසැරයක් කියන්නද දෙයියනේ මම වරදකාරයෙක් එච්චරයි මට කියන්න තියෙන්නෙ "
ඒ පාරනම් කැලුම් තරහයි දුකයි දෙකම මික්ස් උන මල පැනපු මූඩ් එකෙන් කෑගහල කියුවෙ ජයබාහුව දිහා තරහෙන් බලන ගමන්
"පැමිනිල්ලේ නීතීක්නයට මේ ගැන තව මොනවත් අහන්න තියෙනවද"
නඩු කාරය එයාගෙ ගිරා හොටෙන් රූටල වැටෙන කන්නාඩි දෙක හරිතැන තියාගන්න ගමන් ඇහුවා
එතකොට මම හිටියෙ පරාජය පිලිඅරන් දුක්කිත මානසිකත්වයෙන්
මම නැගිටල ඔලුව නවාගෙන කියුව "නැත ස්වාමීනි"
"හරි...අපේ පැමිනිල්ලෙ තරුන ලෝයර් මහත්තය නිශ්ශබ්ධව ඉන්නවනම් මම ඊලගට කැදවන්නම් මට වැදගත් සාක්ශිකාරියක් ඒ ඒශියල් බලවර්ධන මෙනවිය නැතිනම් මේ නඩුවේ වින්දිතයා වන සිල්වියා මහත්මියගෙ එකම දියණිය"
කැලුම්ව මාන්චු පිටින්ම බන්ධනාගාර නිලධාරීන් අල්ලගෙන විත්තිකූඩුවෙන් බස්සලා නිලධාරි හතර දෙනෙක් මැද්දෙ වාඩි කරගත්ත
මහ අපරාධකාරයෙක් පැනල යයි වගේ
මට දුකත් හිතුන ඒත් කරන්න දෙයක් නෑ මෝඩයට මේ තරම්කියල දීල එයාගෙ අත් දෙකෙන්ම අරන් තොන්ඩුව බෙල්ලට දාගත්තනෙ
ඒශියල් හොරපූසි වගේ බිම බලන් ඇවිත් බොරු කියන්නෙ නෑ කියන දිවුරුම දුන්නා
"ඒශියල් මෙනෙවිය අපි දන්නව ඔබ ඉතාම දුක් සහිතව ඉන්න මොහොතක් මේක
එක අතකින් ඔබේ මෑණියන් කුරිරු ලෙස ගාථනය කරලා
අනෙක් අතින් ඔබේ ආදරණීය පියාගෙ සතුරන් ඔහුට බොරු චෝදනා කරනව එතුමාගේ කීර්තිනාමය පලුදු කරන්න
![](https://img.wattpad.com/cover/318177282-288-k398472.jpg)
VOUS LISEZ
case කේස්
Roman d'amourකුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.