Ep 51
ඔවූ ඒක සිදු නොවිය යුතු වෙලාවක සිද්ද උන මහ බයානක අනතුරක්
මම සම්පූර්නයෙන් මැරිලා හිටියෙ
මට් නම් කිසි දෙයක් මතක නෑ
ටිපර් එක යට හිරවෙලා තිබුන බයිසිකලේ එලියට ගත්තෙ හෙන අමාරුවකින්ලු
ඇගපත චප්ප වෙලා තිබුන විදියට මිනිස්සු හිතුවෙම එතැනම මැරිල කියලලු
ඒ හරියෙ වැටිලා තිබුන ෆෝන් එක හොද කොල්ලෙක්ට ලැබුන නිසා ඒකෙ අන්තිමට කෝල් එකක් ආපු නොබරේ පවන්ගෙ නිසා ඌට කෝල් කරල කියුවලු ඇක්සිඩන්ට් එක ගැන
පවන් දැනන් එද්දිත් මම හිටියෙ අයිසීයූ එකේලු
එක ඩොක්ටර් කෙනෙක් ගෙ කන්සල්ටන්සි පරියේශනයකට මොලේ හානි උන රෝගොයෙක් දිගට අද්‍යනය කරන්න ඕනෙ නිසා වැඩි උනන්දුවෙන් මට ප්‍රතිකාර කරා මිස ඔය තරමට ඩැමේජ් උන කෙනෙක් මැරුන කෙනෙක් කියල අයිසීයූ එකේ ජීවන් ආධාරකත් ගලවල
මගෙ කරුමෙද උරුමෙද මන්දා ඒ ඩොකා මාව ස්ටඩි කර කර බටගහල දිගටම තියාගත්තු නිසා ප්‍රාතිහාරයක් වගේ හොදකරගන්න පුලුවන් උනාලු
මේව ඔක්කොම මට මාස තුනකට විතර පස්සෙ සිහිය එනකොට එහෙන් මෙහෙන් දැනගත්තු දේවල්...නැතුව මට කිසිම මතකයක් නෑ ඕව ගැන මම හිටියෙ ජීවිතයයි මරනයයි අතරෙ අමුතුම තැනක
සිහිනැතුව කියුවට සිහිය නැතුවමත් නෙමෙයි
මම පහුගිය අවුරුදු කීපෙ ශිරාන් එක්ක ඉදපු ලස්ස්න මතක ඇතුලෙ ජීවත් උනේ
එයා මැරුන කියන එක මට හොදටම අමතක වෙලා...එයා එක්ක හිටපු හැම දේම ඇත්තට වෙනව වගේ දැනුන..මම කෝමා තත්වෙ හිට්පු මුලු කාලෙම
ඒ නිසාම හැම දාම මම වයිරකරා මාව හොද කරගත්තට
හැමදාම ඒ පැහැදිලි පරන මතක ඇතුලෙම හිටියනම්
අද ඉන්න මේ අපායට වඩා ගොඩක් වටිනව
මට හොද උන එක ...ක්ශනිකව උනේ නෑ...ටිකින් ටික සිද්ද උනේ
පුදුමෙ කියන්නෙ මගෙ මුලින්ම වැඩ කරේ කන
ඒක නිසා මට අවට කතා කරපුව ඇහුනා
![](https://img.wattpad.com/cover/318177282-288-k398472.jpg)
YOU ARE READING
case කේස්
Romanceකුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.