Ep 83
අපි දෙන්න රතී සුවයෙන් සෙනහසේ සුවයට මාරුවෙලා නින්දයන්න ඔන්න මෙන්න ඉද්දි කුස්සියෙ ජනේලෙන් හොර පූසෙක් ඇතුලට පනිනව වගේ ඇහුනා
ඇදේ ඇලවෙලා ඉදපු ශිරාන් ඉද්ද ගැහුව වගේ එක පාරට කෙලින් වෙලා ඇකිලිලා තිබුන ඇද රෙද්ද ඉනවටේ පටලගත්තා
"ඇයි අනේ මේ බය වෙලා...ඒ පූසෙක් වෙන්න ඇති"
මම පොඩ්ඩක් නිදිමතේ කෙදිරි ගෑව
"ස්ස්ස්....සද්ද කරන්න එපා""
එයා මාවත් ඇදගෙන දොර ලගම බිත්තියට හේත්තු උනා
"මොකෝ වෙන්නෙ..අම්ම කාමරේ තනියෙන්" මගෙ පපුව පිච්චෙනව වගේ උනා...අම්මට මොනව හරි උනොත්
ශිරාන් මට කාමරෙන් එලියට යන්න නොදී මාව තදට බදාගත්තා මගෙ කටත් එයාගෙ ලොකු අතින් අරින්න බැරිවෙන්න වැහුවා
"සාෂා මට ඔය කොට්ටෙ දෙන්න..."
ශිරාන් හයියෙන් කියුවෙ මට නෙමෙයි පිට ඉන්න කාට හරි ඇහෙන්න
එයාට ඕනෙ උනේ පිටින් ගෙට ඇතුල් උන කෙනාට දන්වන්න අපි ඉන්නෙ මේ කාමරේ කියල
ඒකෙන් අපිව හොයන් ආපු එකෙක්නම් අම්මගෙ කාමරේට යන්නෙ නැතුව කෙලින්ම මේ කාමරේට එනව
අම්මව ආරක්ශා වෙනව
අනෙක ශිරාන් කතා කරපු විදියෙන් එයාට දන්වන්න ඕනෙ උනේ අපි තාම ඇදේ නිදාගෙන ඉන්න බව
ඒත් අපි දෙන්න හිටියෙ දොර ලගම
ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියා
මට ඇහුනෙ ශිරාන් ගෙ යෝධ පුපුව ලබ් ඩබ් ගාල ගැහෙන ශබ්දෙ විතරයි
කෑලි කපන්න පුලුවන් මහ කලුවරේ පූසෙක් නෙමෙයි වලහෙක් කාමරේට ආවත් අපිට පේන්නෙ නෑ
කාමරේ පරන දොර චිරිස් සද්දෙන් ලාවට ඇරුනා
දොර රෙද්දෙන් කලින්ම එලියට ආවෙ පරන තාලෙ පිස්තෝලෙක කට
ඇතුල එබුනා. මට බයටම හුස්ම හිර උනා
ශිරාන්නම් එක මයිල් ගහක්වත් හොලවන්නෙ නැතුව ගොදුරට පනින්න ඉන්න කොටියෙක් වගේ සූදානම් ශරීරෙන් හිටිය

YOU ARE READING
case කේස්
Romanceකුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.