part 15

210 20 0
                                    

කෑම ටික රත් කරන්න කියල එළියට ආවත් මම එහෙමම දොර ට හේත්තු උනා..

මොනවද මැණික මේ...
ම්ම්ම්ම්...
මොනවද??

මොනවද ඔයා මට මේ කරන්නේ...
මට තේරුම් ගන්න බැරි ඇයි ඔයා ගාවදී මට නේ දැනෙන දේවල්...
ඇයි මම මගේම පාලනයෙන් තොර වෙන්නේ....
ම්ම්ම්...මැණික ඇයි?

ඔය හුරතල් කමට මම වශී වෙන්නේ ඇයි?
සද්ද වලට ආස නැති උනත් ඔයාගෙ දග වැඩ වලට මම මෙච්චර ආස ඇයි?
කොයි වෙලෙත් ඔයාට බැන්නත් ඔයාට බයින්න මන් මෙච්චර බලන් ඉන්නේ ඇයි?

ඔයාව මට හම්බවෙලා දවස් කීයද ඒත් මේ ටික මොහෙතට මට මෙතරම් ලං වුණේ කොහොමද මැණික ?

ඇයි මට මෙහෙම කරන්නේ.....
මම මොනවද මේ කරන්නේ...

දොර ට හේත්තු වෙලා ඇස් දෙකත් පියාගෙන කොයිතරම් වෙලා කල්පනා කරත් මට කිසිම පිළිතුරක් ලැබෙන පාටක් වත් තිබ්බේ නැහැ....

🖤 ඔයා ප්‍රතික්ෂේප කරන දේ පිළිගන්න උත්සහ කරන්න එතකොට පිළිතුරු ලැබෙයි.....

ඒ වගේම එක තේරුම් ගත්තා නම් ඊළග ප්‍රශ්නෙත් ඉවරයි....

පහළට එමින් සිටි මට ඒ කටහඩ ඇහෙද්දි මම ඒ දිහා බැලුවොත් තාමත් එයා මන් දිහා බලන් නෙවෙයි කතා කරන්නේ.....

අනිවරෙන් මේ වෙනකොට ඩීල් එක ගැන හ්යුන් දැනගෙන ඉන්න ඕනේ...
මාත් එක්ක තිබ්බ තරහ තවත් වැඩි වෙලා ඇති කියල එක මොහොතකට හිතුනා....

🖤- මම කතා කරන්නේ ඩීල් එක ගැන නෙවෙයි...ඔයාගෙ හිත ගැන ෆින්...

මගේ ඇස් දිහා කෙලින් බලාගෙන කියනකොට මගේ හදවත එක මොහොතකට නතර වුණා වගේ දැනුනා...
එකෙන් අදහස් කරේ මොනවගේ දෙයක් ද?
මගේ හිත?
එතකොට ඩීල්?

🖤 -ඩීල් එකේ වරදක් මම දකින්නේ නැහැ...
ඒක වෙලා ඉවරයි දැන්...

මෙච්චර වෙලා හ්යුන් කතා කරත් මම කර එයාගෙ මූන දිහා බලාගෙන හිටපු එක එම ඔය දිහා බලාගෙන එයා අහන ප්‍රශ්න වලට හිතින් උත්තර හිතපු එක කොහොමද හ්යුන් මගේ හිතේ තියෙන දේවල්...!

🖤-මම ඔයාගෙ හ්යුන්...
ඒ වගේම ඔයාගෙ ඩෝක්ටර්...
ඒක අමතක කරන්න එපා...

Tom boy // Completed//Where stories live. Discover now