part 23

313 23 0
                                        

🌼 මට බෝතල් 3 ක්...!

🧔බිව්වා කියල ප්‍රශ්න විසදෙන එකක් නැ මහත්තය..

🌼 මං හිතන්නේ මන් බොන එකෙන් ඔයාට ලාභයක් ලැබෙනවා...

අයිතිකරු හුස්මක් පහළට දාලා බෝතලේ 3ක් දුන්නේ ඔහුට කියලා වැඩක් නැති නිසා..

කෙළවරට වෙන්න තිබ්බ ටේබල් එකේ ඉදගෙන හිටපු ස්ටේෆනි ලඟට යන්න හැරුනත් අයිතිකරු ආයෙත් කතා කර...

🧔මං හිතන්නේ ඒ ඔයාගෙ අනාගත...

🌼මං කිව්වා මිනිහෝ... මට ඉන්නේ හස්බන් කෙනෙක්... ඒ වගේම මට කෙල්ලෝන්ඟෙන් වැඩක් නැහැ...

ෆීන් තරහින් පුපුරමින් බෝතල් 3 ත් අරන් ගිහින් ටේබල් ඒක උඩින් තිබ්බේ ඒ සද්දෙ ට ස්ටේෆනිවත් බය කරලා..

💚ෆීන්!!
මොනවද ළමයෝ මේ වැඩ!

🌼කටවහගනින් ගෑණියේ!
තමුසේ හින්දා තමයි මේ ඔක්කොම
අනික මන් තමුසේ ගෙ ළමයෙක් නෙවේයි නේ ඒ නිසා මට ඔය විදිහට කතා කරන්න එපා...

මේකත් හොදට අහගනින්...
අම්ම නිසා මන් තමුසෙට මොකුත් නොකර ඉන්නේ...
මං තමුසේව කොහොමත් බදින්නේ නැහැ...
අන්න ඒකත් මතක තියාගන්නවා!

මුළු බාර් එකටම ඇහෙන්න කෑගහපු ෆීන් බෝතලයක් කටේ ගහගෙන බොන්න ගත්තේ අවුරුදු ගානකින් පිපාසයෙන් හිටපු කෙනෙක් වගේ...

මුළු බාර් එකේම අවදානේ මේ දෙන්න දෙසට යොමු වෙලා තියෙද්දී ස්ටේෆනි ට තවත් මෙතැන ඉන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ...
ෆීන් ටත් ගස්සගෙන ස්ටේෆනි කෝර්ච් එක ලඟට ආවේ අයිතිකරු හම්බෙන්න...

🧔කියන්න මිස්...
මේ වෙලාවේ නම් .....

💚මට රුම් එකක් දෙනවා!!!!!!!!

🧔ඒත් මිස්...
මිස් දවල්!

💚 ඇයි දවල් ට මොකද?
කිව්වහම අහලා දෙනවා...
ඉන්න මොකෙක් හරී කමක් නැහැ රුම් ඒකට ඒවන්න...
මේ දැන්...

🧔මිස් අහන්න...
මේ වෙලාවට අපි සේවා සපයන්නේ නැහැ...
කණගාටුයි!

💚මේ ගාන ඇති ද?

ස්ටේෆනි කොළ මිටියක් කෝර්ච් එක උඩින් තිබ්බේ අයිතිකරු පුදුම කරවල...

Tom boy // Completed//Tahanan ng mga kuwento. Tumuklas ngayon