part 20

245 22 6
                                        

ඇස් වලින් කදුළු නොනවත්වාම ගලාගෙන ගියේ මගේ පාලනයකින් තොරවයි....
ඔහු තවමත් මගේ අත් අතර තුරුල් වෙලා නිද ගෙන හටිය... වේළුණු කදුළු පහරවල්
තවමත් ඔහුගේ මුහුණේ කැලෑල් විදිහට හිටලා තිබ්බේ මගේ හදවත මේ දේවල් වලින් තවත් වේදනාවෙන් පුරවද්දි....

එක් අතකින් ඔහු අනික් අතින් ඔහුගේ ම පිටපතක් වුණ මොහු....
කෙතරම් සමාන කම් තිබුණත් මට ඔයා නැති අඩුව මෙයාගෙන් පුරවන්න බැරි වෙයි පන...

මගේ අත් අතර ඉන්න කෙනාගේ සිනිදු කෙස් අතරින් මගේ සිහින් දිගු ඇගීලි යවන ගමන් මන් මටම මිමිණුවා...

Flash back...

අඩ අඩ ඉන්න ඔහුව මගේ අත් දෙකට අරගෙන ඒ වේගෙන්ම මගේ කාමරේ ට ආවේ...
මේ වෙච්ච සිදුවීම දැකලා පුදුම වෙලා බලන් ඉන්න අම්මයි සීයයි දෙන්න දිහාවත් බලන්නේ නැතුව...

සුරුස් සුරුස් ගගා හුස්ම ඉහලට අදිමින් මගේ පපුවටම තුරුල් වෙලා අඩන ඔහුගේ මුහුණ මන් හිමීට මගේ අත් දෙකට ගත්තා....

🌼අනේ මැණික....
අඩන්න එපා රත්තර්නේ... ඩෑඩා ඒක හිතල කරේ නැහැ මැණික....

🧑‍🦲මත සිදුන ...

හුස්ම අදිමින් තොල් උල් කරන් අඩන විදිහ දකිද්දී මට ඔහුව ආයෙත් මතක් වෙන්න ගත්තා... කොයිතරම් උත්සාහ කරත් ඔයා නිසා මට එයාව මතක් වෙනවා මගේ මැණික..

චූටි අතක් මගේ මුහුණ පුරා දුවද්දී මන් ආයෙත් පියවි සිහියට ආවා..

🧑‍🦲දෑදා...
අඩනො ද??? අඩන්න අපා...
මන් තලහ නැහැ දෑදා එක්ක... පපා නැති නිසා නේද දෑදා එහෙම කළේ...

මන් දැකලා තිනෝ නේ දැදා පාප ගේන් කුක්කු ඉල්ලගන්නව... මන් හිතන් හිතියෙ චූටි මල්ලි ට විතලයි පපා කුක්කු දෙල්ලෙ කීලා.. ඒත් දෑදා තත් කුක්කු ඕනි වෙනෝ නේ... ඇයි දෑදා මත දෙල්ලේ නැත්තේ....
පපා ආයේ එන එකක් නැද්ද දෑදා මතත් ඕනි පපා ගෙන් කුක්කු ටිකක් ඉල්ලගන්න...

එතකන් දෑදා ත ඕනි නම් මගේ කුක්කු බොන්න..
ඒත් දෑදා ඒවගේ කුක්කු එල්ලේ නැහැ නේ...

චූටි ඇගීලි එහේ මෙහේ කර කර මට කුක්කු දෙන්න කතා කරන දිහා බලන් ඉද්දී මගේ කදුළු අලුත් උනේ ඉබේටමයි...
එය ඔයා වගේමයි බනී... ඔයා එයාට ගොඩක් දේවල් උගන්නලා..

Tom boy // Completed//Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ