part 19

298 25 0
                                        

🧑‍🦲දෑදා...!!!!

මුළු ගෙදර ම නිහඩතාවයකින් පිරි ගොස් තිබ්බත් දොර දිහාවට දැදා ගාගෙන දුවන පුංචි ළමයා නිසා ඒ නිහඬතාවය මදකට බිදුන...

නමුත් ඒ මද වෙලාවකට පමණයි...
සෝෆා එකේ ඉදගෙන හිටපු අම්ම ත් සියත් දුටු දෙයින් මීළග නිහඩතාවය ඇති වීමට වැඩි වේලාවක් ගත වුණේ නැහැ...
.
.
.
.
.
.
.
.

* පුතා!!
මොකද මේ..?

*අනේ ඇයි දරුවෝ මේ!

*කෙ.. ලින්! කෙලින් ඉන්න ළමයෝ..
චූටි මැණික අනේ අයින් වෙන්න කෝ මැණික අපි ඩෑඩා ව රූම් එකට අරන් යන්න ඕනේ නේ..

🧑‍🦲නන්න උයාල...
උයා නිතා තමයි දෑදා ත මෙහෙම උනේ...
මන් දල්ලව දෑදා ව බලගල්ල..

*අනේ මැණික...!!

🧓චූටි පුතේ!

🧑‍🦲ඕ සියා පප්පේ..

🧓අපි ආච්චි කියන දේ අහමු නේ...
මගේ පුතා ට ද  ඩෑඩා ව තනියම අරන් යන්න බැහැ නේ....

🧑‍🦲සියා පප්පා කින නිතා විතලයි හලි ද?
හූම්...

චූටි මැණික ගේ අවසරේ ලැබුණ ගමන් වැනි වැනි හිටපු ෆින් ව කරට අරගත්ත අම්මයි සියයි අමාරුවෙන් කාමරේට අරන් ගියා...

මොකද ෆින් කියන්නේ එයාලගේ චූටි කෙල්ල නෙවෙයි දැන්.. හැඩිදැඩි ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක්... ඉතින් එයා ගේ බර දරාගන්න මේ දෙන්නටම ලේසි උනේ නැහැ..
අනික් අතට බීලා නිසා කෙලින් හිතාගන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නැහැ...

🌼බ.. නි!!!
බ්... බ............

හොඳටම බීලා හිටපු නිසා ඇදට අතහැරපු
ගමන් නින්ද ගියේ බනී ගේ නම තාමත් මුමුණමින්...

මේ දේ සිද්ධ වුණ පළවෙනි දවස අද උනත් මේ අන්තිම දවස නම් නෙවෙයි...
උදේ ම නැගිටලා කොහේ යනවා ද කියලාවත් නොදැන ගෙදරින් යන ෆින් ආයෙත් ගෙදර එන්නේ කෙලින් හිටගන්න බැරුව වෙරී මර ගාතෙ...

අඩුම තරමේ ගෙදර පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා ද කියන ඒකවත් එයාට ගානක් තිබ්බේ නැහැ...

මේත් ඒ වගේ තවත් දවසක්...

ෆින් ගේ අම්මයි සීයයි ෆින් ගේ ගෙදර ඇවිත් අදට මාසයක් වෙනවා...
ගෙදර ආපු පළවෙනි දවසේ ම බනී ව ගේදරින් එළියට දාපු නිසා අම්මටයි සියටයි ෆින් ගෙන් දකින්න වුණ දින චර්යාව වුණේ බීලා ගෙදර ට එනා රස්තියාදුකාරයෙක් ව විතරයි...

Tom boy // Completed//Hikayelerin yaşadığı yer. Şimdi keşfedin