Heart Break💔 - Chapter 01

2.2K 124 14
                                    

Yura pov,

පන්ති වෙලාවේ පොඩි බඩගින්නක් ආපු නිසා මමයි සෙමියි කැන්ටිම පැත්තේ ගියේ පොඩි කෑමක් බඩට දාගන්න. සැන්විච් දෙක්කුත් කාලා අපි දෙන්නා ආපහු පන්තිය පැත්තට එනකොට පන්තිය ඇතුලෙන් ළමයි කෑ ගහන සද්දයක් ආවා. සෙමියි මායි මුනට මූන බලා ගත්තේ ප්‍රශ්නාර්ථ ලකුනක් එක්ක.

ඒත් ඒක රණ්ඩුවක් වගේ ඇහුනෙ නෑ ඇත්තටම මොකද පන්තිය ඇතුලේ වෙන්නේ .මායි සෙමියි ඉක්මනට පන්තිය ඇතුලට ගියාම දැක්කා ළමයි වට වෙලා හිනා වෙවී ඉන්නවා. අපි දෙන්නට තාමත් හිතා ගන්න බැරි උනා මොකද වෙන්නේ කියලා.
මං ඉස්සි ඉස්සි ළමයි අතරින් බැලුවා ළමයි වට වෙලා ඉන්නේ මොකක් වටේද කියලා. එතකොට මං ළමයි අතරින් දැක්කේ ජිමිනව. එයා ඇස් දෙකත් හීනි කරන් මූනත් රතු කරන් හිනා වෙනවා. එයා හිනා වෙන්නේ එයා ඉස්සරහා ඉන්න කාට හරි කියලා මට තේරුනා.

මං ළමයි අතරින් රිංගලා ඉස්සරහට ගියේ මොකක්ද වෙන්නේ කියලා හරියටම බලාගන්නයි. එතකොට මං දැක්කා ජිමිනා මීරගේ අත් දෙකම අල්ලන් ඉන්නවා. මිරගෙ මූනෙත් ලැජ්ජාවෙන් පිරුනු ලස්සන හිනාවක් තිබ්බා. මං දැක්කා මිරගෙ අතේ රතු පාට රෝස මලක් තියෙනවා. වෙලා තියෙන්නේ මොකක්ද කියලා එතකොට මට තේරුනා.
මීරයි ජිමිනයි එහෙම ඉන්නවා දැක්කාම මට දැනුනේ කවුරු හරි මගේ හදවතට පිහියෙන් අනිනවා වගේ. එකපාරටම මගේ වටිනාම දෙයක් කවුරු හරි උදුරලා ගත්තා වගේ හැගීමක් මට දැනුනා. මගේ හදවත රිදෙනවා..ඔව් ඒක ගොඩක් රිදනවා

ඔව් ඔයාලා හිතන දේ හරි මං ජිමිනට ආදරෙයි...අවුරුදු 2ක් පුරාවට එයා මගේ crush එක.

අපි දෙන්නා ගොඩක් ලගින් ඇසුරු කරපු යාලුවෝ දෙන්නෙක්. මං දන්නවා ජිමිනා මගේ හිතේ එයා ගැන තියෙන හැගීම ගැන දැනන් හිටිය බව. මොකද මං හැනතිස්සෙම එයාට ඒ බව දැනෙන්න දුන්නා. එයාගේ හිතෙත් මගේ ගැන හැගිමක් උපද්දවන්න මං ගොඩක් උත්සාහ කරා.
ඒත මං පරාදයි ..අද එයා මගේ හැගීම් ගැන පොඩ්ඩක්වත් හිතන් නැතුව මීරගේ අතින් අල්ලන්. මට දනුනා මගේ ඇස් වල කදුලු පිරෙන බව . ඒ උනාට මට අඩන්න බෑ මං ඇඩුවොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන් මෙතන. මං අමාරුවෙන් මගේ කදුලු පාලනය කර ගත්තා.

𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮Where stories live. Discover now