Birthday Party - Chapter 25

541 94 54
                                    


---------------------------------------------------------

" යූරා.... ඉක්මනට එන්නකෝ නැත්නම් මම ඔයාව දාලා යනවා."

" පොඩ්ඩක් ඉන්න සෙමී තව විනාඩියයි.."

" උබ දැන් විනාඩියයි කිය කිය පැය භාගයක් තිස්සේ ලෑස්ති වෙනවා..
අපි වෙඩින් එක්කට නෙමෙයි යන්නේ ජිමිනගේ birthday පාටි එකට."

මීරා මූනත් ඇද කරන් අත් දෙකත් හරහට බෑදගෙන දොරට හේත්තු වෙලා බලන් හිටියේ යූරා මේකප් දාන දිහයි .

" okay fine.. මම ලැස්තියි.. කෝමද මගේ පෙනුම "
යූරා වටයක් කැරකෙන ගමන් සෙමීගෙන් ඇහුවා.

" gorgeous....හැබැයි ඉතින් මං තරම් නම් නෑ.."
සෙමී ඉස්සරහට වැටිලා තිබ්බ කොන්ඩේ පිටිපස්සට දාන ගමන් ආඩම්බරෙන් වගේ කිව්වා.

" එහෙනම් most gorgeous lady... අපි යමු.."
යූරා එයාගේ අත සෙමීගේ පැත්තට දික් කරද්දී සෙමී හිනා වෙලා යූරගේ අතින් අල්ල ගෙන දෙන්නම පහල ආවා.

" OMG.. WOW..."

සෙමියි යූරයි පඩිපෙල දිගේ පහලට බැහැන් එද්දී සාලේ හිටපු ජන්කුක් කෑ ගහගෙන හිටපු තැනින් නැගිට්ටා.

" ජන්කුක් ? ඔයා මොකද මෙහේ "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ජන්කුක් ? ඔයා මොකද මෙහේ "

" මමයි එයාට එන්න කිව්වේ... අද ජන්කුක් තමා අපි දෙන්නගේ driver"
සෙමී යුරට ඇහැක් ගහන ගමන් කිව්වා.

" අහ් ඇත්තද හැබැයි ඉතින් මම කාගේවත් driver කෙනෙක් නම් වෙන් නෑ සෙමී.. හැබැයි ඉතින් ඕනි නම් යුරගේ driver වෙන්නම්."
ජන්කුක් කට කොනෙන් හිනා වෙන ගමන් කිව්වා.

" යහ්.... ඇයි යූරගෙ විතරක්."
සෙමී ඇහි බැමත් අකුලන් ජන්කුක් ඉස්සරහින් ගිහින් හිට ගත්තා.

𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮Where stories live. Discover now