With him - Chapter 03

846 107 7
                                    

ඒ අතරේ මගේ phone එකට notification එකක් ආවා. මම කදුලු පිහ දදා phone එක අතට ගත්තා.

ඒ මැසේජ් එක සෙමීගෙන්
📲 උබ හොදින් නේද, අඩන් නැතුව ඉදාගනින් හොදේ

සෙමී මං ගැන හොදටම දන්නවා. එයා දැනන් ඉන්න ඇති මං මේ වෙලාවේ අඩනවා කියලා 🙂

📲'අනී මං මේ නිදාගෙන හිටියේ උබතමා මගේ නින්ද කැඩුවේ' 😒
📲 එහෙනම් කමක් නෑ. Good night මගේ කෙල්ල
📲 good night සෙමියෝ
මං එහෙම reply කරලා phone එක පැත්තක තියලා නින්දට වැටුනා.

Yura pvo end

Next day at college 

වෙනදා පන්තියේ උද්‍යෝගයෙන් ඉන්න යුරාට අද එහෙම ඉන්න බැරි උනා. යූරා හැමතිස්සෙම ජිමිනව මග ඇරලා ඉන්න උත්සාහ කරා. ජිමිනව මග ඇරලා ඉන්න තරමට තමන්ගේ හිත හදා ගන්න පුලුවන් වෙයි කියලා යූරා හිතුවා.

Lecture එකෙන් පස්සේ යූරා library එකට ගියා. යූරට ඕනි උනා ලග එන final exam එකට පාඩම් කරන්න හොද පොතක් හොයා ගන්න. හැම පොත් රාක්කෙකම හෙව්වත් යූරට එයාට ඕනි පොත හොයා ගන්න බැරි උනා.
යූරා අත්තිම පොත් රාක්කය ගාවට ආවට පස්සේ යූරා දැක්කා උඩම තට්ටුවේ එයාට ඕනි පොත තියෙනවා. ගොඩක් ළමයින්ට උඩ තට්ටු වල තියෙන පොත් ගන්න අමාරු නිසා පොඩි බංකුවක් තියලා තිබ්බා උඩ රාක්ක වල තියෙන පොත් අර ගන්න.
යූරා ඒ බංකුවත් අරන් ඇවිත් ඒක උඩ නැගලා පොත ගන්න උත්සාහ කරා.

මේ වෙලාවේ Taehyung library එකෙයි හිටියේ. එයා දැක්කා යූරා කරන හැමදේම. යූරා බංකුව උඩ නැගලා ඉස්සි ඉස්සි පොත ගන්න හදන කොට taehyung යූරා ඉන්න තැනට කිට්ටු කරා . ඒත යූරා Taehyung ව දැක්කේ නෑ. පොතත් අරන් ආපහු බිමට බැස්ස යූරා පොත දිහාටයි අවදානේ දීලා හිටියේ. ඒත යූරට තේරුනා කවුරු හරි එයා ලග ඉන්නවා කියලා.

යූරා බය වෙලා taehyung දිහා බැලුවේ අතේ තිබ්බ පොත කට ලගට කරගෙනයි.

"ඔම්මෝ...අයිශ් taehyung ....ඔයා මාව බය කරා. ඔහොම ලගට ඇවිත් සද්ද නැතුව ඉන්නවද "

යූරා එහෙම කියන ගමන් පොතෙන් taehyung ගේ පපුවට තට්ටුවක් දැම්මා.
Taehyung ඒ වෙලාවේ එයාගේ බොක්සි ස්මයිල් එක දාලා හිනා උනා
.
" හිනා වෙන්න එපා හුම්.."
යූරා බොරු තරහක් අරන් අහක බලා ගත්තා.

𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮Where stories live. Discover now