-----------------------------------------------------------
After 3 days
යුන්ගිගේ ගෙදර උන සිද්දියෙන් පස්සේ දවස් 3ක් ගෙවිලා ගියා. යූරා, taehyung , ජිමින්, සෙමී hospital එකේ නැවතිලා ඉදලා බෙහෙත් අරන් ගෙදර ආවත් නම්ජුන්ට තවත් hospital එකේ නැවතිලා ඉන්න සිද්ද උනා.
යූරා, මින් ජී එක්ක නම්ජුන්ව බලන්න hospital එකට ඇවිල්ලයි හිටියේ ඒත් හදිස්සියෙ යූරට එයාගේ ඔම්මගෙන් කෝල් එකක් ආපු නිසා එයාට ආපහු ගෙදර යන්න සිද්ද උනා.
යූරා ගෙදරට යද්දී taehyung ජිමින් දෙන්නම ඇවිල්ලා හිටියා. ඒ වගේම එයාලත් එක්ක යුන්ගිගේ අප්පත් ඇවිත් හිටියා. යුන්ගිගේ අප්පට ඕන කරලා තිබ්බේ එයාලත් එක්ක කතා කරන්නයි.
" දැන් ඔයාගේ ඔප්පට කොහොමද යුරා.."
" දැන් ගොඩක් දුරට සනීපයි mr.min."
" මට සමාවෙන්න මේ හැමදේටම..ඔයාලට යුන්ගි නිසා ගොඩක් කරදර සිද්ද උනා."
" ඔයා සමාව ඉල්ලන්න ඕනි නෑ mr. Min.. මේක ඔයාගෙ වරදක් නෙමේ.."
" නෑ යුරා.. මේක මගෙ වැරැද්ද. මමයි යුන්ගිට මෙහෙම වෙන්න වග කියන්න ඕනි... ඔයාලා නොදන්න අතීත කතාවක් තියෙනවා.."
" ඒ මොකක්ද...?"
ජිමින් ඇහුවේ කුතුහලේන්" යුන්ගි කියන්නෙ පොඩි කාලේ හරිම අහිංසක දරුවෙක්. එයා වැඩිය කාත් එක්කවත් කතා කරන්නෑ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා එයාට යාලුවෝත් හිටියේ නෑ. මම මගේ බිස්නස් වැඩ වලට අවදානේ දුන්නා මිසක් යුන්ගි ගැන බැලුවේ නෑ. ඒ නිසා එයා ඉස්කෝලේ දි බුලි උනා කියලවත් මම දැනන් හිටියේ නෑ.
එයයි එයාගේ හියුන් එකම ඉස්කෝලෙට තමා ගියේ. හියුන් එයාට වඩා ඉගෙන ගන්න ගොඩක් දක්ශයි. ඒ නිසා හැමෝගෙම අවදානේ ගත්තේ හියුන්. එයාගේ නම යුන්ශින්.. යුන්ශින් හැමදාම වගේ බුලි කරන ළමයින්ගෙන් යුන්ගිව බේරගෙන තිබ්බා. ඒනිසා ඒ දෙන්නා අතර ගොඩක් ලොකු බැදීමක් තිබ්බා..
හැමදේම වෙනස් උනේ එයාලගේ ඔම්මා මැරුනට පස්සේ. එතකොට යුන්ගිට අවුරුදු 14යි. ඒක යුන්ගිට ලොකු ශොක් එකක් උනා. ඒ කාලෙම වගෙයි යුන්ශින් ට වෙන ඉස්කෝලෙකට යන්න scholarship එකක් හම්බවුනේ. යුන්ශින් ගියාට පස්සේ යුන්ගි තවත් තනි උනා. ඉස්කෝලේ දි එයා තවත් බුලි වෙන්න අරන් තිබුනා. එයා බුලි කරන ළමයින්ගෙන් බෙරෙන්න ඉස්කෝලේ රූෆ්ටොප් එකටයි ගිහින් තියෙන්නේ. එතනදී එයාගෙව් තනියට ඉදලා තියෙන්නේ පූස් පැටියෙක්. ඒ නිසායි එයා පූසොන්ට මේ තරම් කැමති. එයා තනි උන වෙලාවේ එයා ලග හිටියේ පූසෙක් නිසා එයා කරුනාවන්ත වෙන එකම සතා පූසා විතරයි . යුන්ගි එයා බුලි උන දේවල් ගැන මට කිව්වේ නෑ. හැමදේම තනියම දරා ගත්තා. දවසක් එයා එයාට බුලි කරපු ළමයෙක් ගේ නහය කැඩෙන්නම ගහලා තිබ්බා. යුන්ගි ඒ කරපු වැඩේ නිසා යුන්ශින් එයාට බැනලා තිබුනා. කවදාවත් එයාට සැරෙන් කතා කරලා නැති යුන්ශින් එයාට එදා එහෙම කතා කරපු එකට යුන්ගි ගොඩක් දුකෙන් හිටියේ.
ESTÁS LEYENDO
𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮
Romance"Baby i want you so badly today" Taehyung යූරගේ කනට ලං වෙලා husky voice එකකින් කියපු දෙයින් යූරගේ හැගීම් තවත් ඇවිස්සුනා. යූරා taehyung ගේ බෙල්ලේ අස්සට මුන හංගගත්තේ හය්යෙන් හුස්සම ගන්න ගමනුයි. Start - 19 August 2022 End- 3 March 2023