Jealousy - Chapter 18

613 88 18
                                    

------------------------------------------------------

යූරා, සෙමී එක්ක එලියේ ඇවිදින්න ගිහින් ආපහු ගෙදර එද්දී යූරා දැක්කා එයලගේ ගෙදර මිදුලේ වාහනයක් නතර කරලා තියෙනවා. ඒක නම්ජුන්ගේ නෙමෙයි ඒ උනාට යූරට ඒ වාහනේ දැකලා පුරුදු බවක් දැනුනා . යූරා ගේ ඇතුලට ගියේ වාහනේ අයිතිකාරයා කව්ද කියලා බලාගන්නයි.
යූරා සාලෙට යද්දී යූරගේ නැන්දා ලගින් ඒ වාහනේ අයිති කාරයා ඉදගෙනයි හිටියේ.

"ජින් ඔප්පා..."

යුරගෙ ඇස් සතුටින් දිලිසුනේ ජින්ව දැකලා. ජින් කියන්නේ නම්ජුන් ගේ පොඩි කාලේ ඉදන්ම හිටපු හොදම යාලුවා. ඒ උනාට නම්ජුන් ලෝයර් කෙනෙක් වෙන්න හීන දකිද්දී ජින් හීන දැක්කේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. ජින් කොහොම හරි තමන්ගේ හිනෙට ලගා උනා. එයාදැන් soul hospital එකේ නවක වෛද්යවරයෙක් විදිහට වැඩ කරනවා. නම්ජුන් වගේම ජින් කියන්නෙත් යූරට තමන්ගේම සහෝදරයෙක් මොකද ජින් ඉස්සර ඉදන්ම නිතර නම්ජුන්ව හම්බෙන්න ගෙදර එන යන නිසා යුරා, ජින්ටත් ගොඩක් ලන් උනා.

"අහ් මේ එන්නේ අපේ කොට බටු ඇටේ."

"අනේ ඔප්පා දැන්වත් ඕක නවත්තගන්නකෝ දැන් මං ඉස්සරට වඩා උසයි"

"කියලා හිතාගෙන ඉන්නවා.." ජින් තමන්ගේ සුපුරුදු හිනාව දාන ගමන් කිව්වා.

"අනේ නැන්දේ ඔප්පට එපා කියන්නකෝ"
යූරා එහෙම කියන් නැන්දා ගාවට දුවන් ආවා. යූරා එක පාරටම හිටපු තැනම නැවතුනේ නැන්දගේ ඇස් වල කදුලු පිරිලා තියෙනවා දැකලා.

"නැන්දේ.. ඔයා අඩනවද. "
යුරා ඇවිත් නැන්දගේ එහා පැත්තෙන් ඉදගෙන නැන්දගේ මූනට එබුනා"

"යුරා..."
යූරට හිතන්නවත් වෙලාවක් නොදී නැන්දා එක පාරට යූරව බදන් අඩන්න ගත්තා. යූරා ඇස් දෙකත් ලොකු කරන් ජින් ඔප්පා දිහා බැලුවේ කිසි දෙයක් හිතා ගන්න බැරිඋන නිසයි.

" අනේ නැන්දේ අඩන්න එපා.. මොකද උනේ කියන්නකො. ඔයා මාව බය කරනවා නේ .කෝ කෝ නම්ජුන් ඔප්පා.."
යුරා නැන්දගේ ඔලුව අත ගාන ගමන් නැන්දව සනසන්න උත්සාහ කරා. මේ වෙලාවේ ජින්ගේ මූනත් දුකින් පිරිලයි තිබ්බේ.

𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮Where stories live. Discover now