Beginning - chapter 14

699 94 21
                                    

----------------------------------------------------------

One week later

ජිමින්ගේ අප්පා තීරනය කලා ජිමිනව company එකට ගෙන්න ගෙන company එකේ business වැඩ ගැන කියලා දෙන්න. දැන් ජිමින් company එකේ වැඩට යන්න පටන් අරන් දැන් දවස් 4ක් විතර වෙනවා.

ජිමින් සුපුරුදු විදිහට උදේම නැගිටලා morning routine එක ඉවර කරලා ටවල් එකත් ඉනවටේ පටලන් තව ටවල් එකක් ඔලුවට දාගෙන, කොන්ඩේ තෙත මාත්තු කරන ගමන් bathroom එකෙන් එලියට ඇවිත් mirror එකට ලගට ගිහින් කොන්ඩේ පිහදාන්න ගත්තා . මේ වෙලාවේ ජිමින්ට ඇහුනා කාමරේ ඇතුලෙන් කවුරු හරි උගුර පාදන හඩක්. ජිමින් ඔලුවෙන් ටවල් එක ඉක්මනට අයින් කරලා බැලුවේ ඒ කව්ද කියලයි.

"මීරා..?"

" ගුඩ්මෝනින් ජිමිනී "

" ඔයා මොනාද මෙහෙ කරන්නේ මං කිව්වේ මේ වෙලාවේ."

" ඇයි මට ඕනි වෙලාවක මේ ගෙදර මේ කාමරෙන් එන්න අයිතිය තියෙනවා" මීරා අත් දෙකත් හරහට බැදගෙන බිත්තියට හේත්තු වෙම ගමන් කිව්වා.

"මීරා..!"

මීරගේ ඇස් ඒ වෙනකොටත් තිබ්බේ වතුර බිංදු බේරෙන ජිමිනගේ ඇබ්ස් වල. ටවල් එක ඇදලා තිබ්බ විදිහට ජිමිනගේ v line එක හොදට කැපිලා පෙනුනා. මීරට පොඩි දාඩියක් දැම්මේ මීට කලින් කවදාත් කොල්ලෙක්ව මේ විදිහට ෆිල්ම්ස් වල ඇරෙන්න ඇත්තටම දැකලා තිබ්බේ නැති නිසයි .

ජිමින් ඉක්මනට ටවල් එකෙන් පපුව කවර් කර ගත්තේ මීරා අපහසුවෙන් ඉන්නවා වගේ කියලා තේරුන නිසයි.

"මීරා ඔයා මං කියන දේ අහන්ද ඉන්නේ"
මීරා පියවි සිහියට ආවේ ජිමිනගෙ හඩටයි.

"ජිමින්.."

"ඇයි ඔයා මෙහෙ ආවේ"

"මට ඕනි නිසා" මීරා කට කොනෙන් හිනාවෙන ගමන් කිව්වා .

මීරගෙ මේ හැසිරීමට තරහා ගියපු ජිමින් අඩියට දෙකට මීරා ළගට ඇවිත් මීරගේ වැලමිට ලගින් දත කරලා අල්ල ගත්තා.

"මීරා මාත් විහිලු කරන්න හදන්න එපා. කියනවා ඇයි ආවේ. අනික ලැජ්ජා නැද්ද කොල්ලෙක්ගේ කාමරේකට මෙහෙම එන්න අහ්.. කියනවා තමුන්ට ලැජ්ජා නැද්ද....අහ්ම්..."
ජිමිනගේ වචන වලට ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටපු මීරගේ ඇස් වලට කදුලු උනන්න ගත්තේ ජිමිනගෙන් මේවගේ හැසීරීමක් බලාපොරොත්තු නොව්න නිසයි.

𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮Where stories live. Discover now