Happy - Chapter 11

632 103 17
                                    

------------------------------------------------------

කට්ටියම round කිහිපයක්ම game එක play කරේ මුලු ගෙදර පුරාම හිනා හඩෙන් පුරවමිනුයි. Party එක ඉවර වෙලා යූරයි සෙමියි මීරයි ගෙදර යන්න ලැස්ති උනත් හොබි ජිමින් ජේකේ තුන් දෙනා Taehyung ගෙදර රෑ නවතින්න තිරනය කලා.

" සෙමී පොඩ්ඩක් ඉන්න මම ඔයාව මගට ඇරලවන්නම්" සෙමී දොර ගාවට යද්දී ජේකේ කැප් එකත් ඔලුවට දාගන්න ගමන් දුවගෙන ආවා.

"ඇ... ඔයා මොකටද එන්නේ... ඔයා එන්න ඕනි නෑ මට තනියම යන්න පුලුවන් " සෙමී ජේකේට රවන ගමන් කිව්වා.

"ආයිශ් මේ කෙල්ලගේ තියෙන පණ්ඩිත කම.. තමුසෙව කවුරු හරි උස්සව්වොත් එහෙම ඒ මිනිහා පව් කියලා හිතලයි මං මේ එන්න හැදුවේ. නැතුව තමුසේ ගැන හිතලා නෙමේ"

"අහ් ඇත්ත ද.. අනේ මේ..මං යනවා යන්න.. කට්ටිය.....මං යනෝ..යූරා ..... මං යනවා...." සෙමී කෑ ගහගෙනම එලියට බැහැලා යද්දී ජේකේත් කෙල්ලගෙ පිටිපසෙන් ගියා.

සෙමීට දැනුනා කවුරු හරි පිටිපස්සේන් එනවා කියලා. සෙමී හැරිලා බලද්දියි දැක්කේ සාක්කු දෙකට අත් දෙකත් දාගෙන ජෙකේ හෙමින් හෙමින් කෙල්ලගෙ පිටිපස්සෙන් එනවා කියලා. සෙමී හිතුවේ නෑ ජේකේ ඇත්තටම එයි කියලා. කෙල්ල ජේකේ දිහා බලලා රැව්වත් ජේකේ කරේ බනී දත් ටික පෙන්නලා සෙමීට හිනා උනා එක.

මේ අතරේ යූරත් එලියේ ගොඩක් සීතල නිසා taehyung ගෙන් ජැකට් එක්කුත් ඉල්ලන් දොර ලගට ආවේ ගෙදර යන්නයි.

"යූරා... හෙට 11 වෙද්දී මෙහෙට එන්න" taehyung යුරගේ ජැකට් එක හදන ගමන් කිව්වා.
"අහ්.? ඇයි ඒ"
"හෙට අපේ first date එක"
"මොකක් date?"
"ඇයි අමතකද ගේම් එක"
" ඔයා ඒක serious ද කියන්නේ"
" නැතුව.. දැන් ඔයා මගේ girlfriend " taehyung එහෙම කියන් යූරගේ තොල් වලට නැමිලා පොඩි කිස් එකක් දුන්න.

"යහ්... මොනාද කරන්නේ " යූර තොලත් අල්ලන් වට පිට බලව්වේ කවුරු හරි දැක්කද කියලා තහවුරු කර ගන්නයි.

"ඔච්චර හුරතල් වෙන්න එපා. මට ඔයාව ගෙදර යවන්න ලෝබ හිතෙනවා" taehyung යූරගේ ඇස් දිහා බලාගෙන එහෙම කියද්දී යූරා ලැජ්ජාවෙන් බිම බලා ගත්තා.

මේ වෙලාවේ එතනට ජිමින් එනවා දැකපු taehyung යූරව ලගට ඇදලා අරන් හග් කරේ ජිමිනට පේන්නමයි. කෙල්ලත් taehyung ව බැක් හග් කරා.

𝘾𝙖𝙣 𝙬𝙚 𝙇𝙤𝙫𝙚 ♡ ⎮18+⎮𝙏𝙝𝙫⎮Where stories live. Discover now