🍀ᴡɪʟʟ ʙᴇ sᴏᴏɴ🍀

1K 189 12
                                    

"I promise to be by your side forever and for always. I love you."

🌷🌷🌷🌷🌷🌷

Chapter 3 - Will be Soon

"Yibo Yibo ඔයා නැද්ද..ආයිශ් මේ කොල්ලා ඒ පාර කොහේ ගියාද මන්දා"

Haikuan උදෑසන සිටම මුලු ගේම කනපිට පෙරලමින් තමන් ගේ සහෝදරයාව සොයන්නට පටන් ගත්තා. ඇත්තටම මේ කොල්ලව ඔහු උදේ කෑමෙන් පස්සේ ඇහැට දැක්කේම නැහැ.
ඔහුට බාලයා සමග කතා කිරීමට විශේෂ දේවල් කිහිපයක් තිබෙනවා. නමුත් එය කීමටත් පෙර Yibo කෑම මේසයෙන් අතුරුදහන් වී ගියා. අවසානයේ Haikuan බාලයාගේ කාමරයේද ඔහුව සොයා හමු නොවුනු තැන ඔහු එය අත අරින්නට හැදුවත් පහල නර්ථන කාමරය දෙසින් වේග රිද්ම සංගීත රාවයක් කණ වැකෙන්නට පටන් ගත්තා.

ඒ සංගීත ශබ්දය ඇසෙනවාත් සමගම Haikuan ගේ මූණෙහි සිනාවක් නැගුනේ Yibo හොදින් කියා දැනුන නිසයි. ඔහු සෙමින් සෙමින් නර්ථන කාමරය දෙසට ඇදෙන්නට උනේ මෘදු සිනහවක් මුහුනේ රඳවගෙනයි. එහෙත් සංගීත කාමරය නෙත් ගැටෙන විට ඔහුගේ සිනහව මුවින් අතුරුදහන් වී ගියා. තිර රෙදි තවමත් විවර නොකර අඬ අඳුර මැද සිටින ඔහුගේ බාල සහෝදරයා දුටු Kuan ගේ මුවින් ගැහෙන සුසුමක් පිට වුනා.

වෙනදාට අනෙක් අයගේ දෑස් මොහොතකට හෝ ඔහුගෙන් මිදෙන්නට ඉඩ නොදී අනෙක් අයව මන්මත් කරවන තරම් සුන්දර ලෙස නර්ථන චලන සුන්දර ලෙස තාලයකට ගෙන යන Yibo අද පිස්සුවෙන් වගේ කිසිම තාලයක් නැතිව ඔහේ නර්ථනයේ යෙදෙනවා.

මෙම Yibo ව දුටුව Haikuan ට සිහි වූයේ එදින තම දෙමාපියන් මිය ගිය දවසේ බාලයා හැසිරුන ආකාරයමයි. Yibo ගේ එදින හැසිරීම සම්පූර්ණයෙන්ම අද දින හැසිරීමට සමාන උනා.

ඔහුගේ නර්ථනය සම්පූර්ණෙන්ම අනෙක් අයව බිය වද්දා හරින්නට තරම් භයානක උනා. එයට වේගයක් නැහැ. එහි රිද්මයක් නැහැ. එහි නැවතීමක් නැහැ. එය පිස්සුවක්....එය බිය වැද්දීමක්....එය තරහ....වේඳනාව පිට කිරීමක්....

Haikuan පැත්තක සිට මේ හැමදෙයක්ම බලන් හිටියේ කොයි මොහොතේ හෝ ඇති වී වෙහෙසුනු විට බාලයා මෙය අත හැර දමන බවට දන්නා නිසයි. නමුත් ඔහුගේ වෙහෙසකර මුහුණ දහදිය සමග මුසු වී ගලා එන කඳුලු බිඳු නිසා ඔහුගේ හදවතට ද විශාල වේඳනාවක් දැනෙන්නට වුනා. මේ ඔහුගේ සහෝදරයා.....ඔහුට ඉතුරු වී සිටින එකම වස්තුව.....ඔහුට හැම විටම ඕනි උනේ දෙමව්පියන් අහිමි වුනේ මොහොතේ සිට කොසිම දිනක ආයේ ඒ දිනයේ සිටි Ylbo ව නොදකින්න. ඒත් දෛවය ආයේමත් ඔහුව කරකියා ගත දෙයක් නොහැකිව තමන් ඉදිරියේ ආයේමත් තමන් ගේ සහෝදරයව මේ ආකාරයට දකින්නට සිද්ධ කිරීම. ඒත් ඔහු හොඳින්ම දන්න කරුණක් තමයි Yibo කවදත් ඔහුගේ දුක නැති කරගත්තේ නර්ථනයෙන් බවට. ඔහුගෙ සතුට දුක මේ හැම හැඟීමක් ම ඔහු පෙන් වූ තැන උනේ ඔහුගේ නර්ථනයයි. මේ නර්ථන කාමරයයි.

𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️Where stories live. Discover now