"I have been at my best and worst with you. Even when I'm moody and annoying, you deal with me with patience. Your love is constant and I need you forever."
🌷🌷🌷🌷🌷🌷
Chapter 7 - The Truth
සූර්යයාගේ නැවුම් කිරණ බාලයා ගේ කුඩා මූණ මතට වැටෙනවත් සමගම Zhan ගේ අඳුරු බවට හුරු වී තිබූ ඇස් දෙක ටිකෙන් ටික ආලෝකයට හුරු වෙමින් ඒ හුරුබුහුටි නෙත් දෙක ටිකෙන් ටික විවර වෙන්නට ගත්තා.
ඔහු දැස විවර කර මොහොතේ සිටම එහේ මෙහේ බලමින් හොයන්නට වුනේ ඔහු ආදරය කරන රූපය සොයන්නටයි. නමුත් Zhan ගේ ඒ බලාපොරොත්තුවත් සුන් කරමින් Yibo දැනටමත් කාමරයෙන් පිටතට ගිහින්.
"ඉන්න...මම කොහොමද ඇඳට ආවේ?..මම හිටියේ අතනට වේලානේ?.. එතකොට කවුද මට රෙද්ද පෙරව්වේ?"
Zhan ඇඳෙන් බහිනවත් එක්කම මතක් උනේ ඊයේ ඔහු නිදාගැනීමට ඇඳ උඩට නොආපු බව.
Zhan නිදි මතේ සිටි නිසා ඊයේ රාත්රියේ සිදු වෙච්ච එක දෙයක් ගැනවත් පොඩි මතකයක් වත් නැති එක ගැන ඔහු ට දුකක් ඇති උනත් මේ හැමදේම කලේ Yibo කියලා මතක් වෙද්දී බාලයාට දැනුනේ තමන්ගේ හදවත සතුටින් පිපිරි යනවා වගේ.
Zhan ඉක්මනින් නා පිරිසිදු වී පහළ තට්ටුවේ කෑම කාමරයට ඇතුළු වුනා. ඔහු එහි බලාපොරොත්තු වුනේ Haikuan ව පමණක් උනත් Kuan ට අනෙක් පස ඔහු එක්ක මේසේ ඉඳගෙන සිටින පුද්ගලයාව දෑස් ගැටුණු විගස Zhan ගේ මුලු මූණම හිනාවකින් පිරුනේ මුලු ලෝකේම තමන් ළඟට ඇවිල්ලා වගේ.
ඒත් එක ක්ෂණයකින් Zhan ගේ දෑස් වලින් ඒ හිනාව නැති වී ගියේ පහුගිය දින කිහිපයේ උන දේවල් වලට තවමත් ඔහුට කිසිම නිවැරදි පිළිතුරක්, පැහැදිලි කිරීමක් නොමැති බව මතක් වුන විටයි. එදා හැම අයෙක්ම ඉදිරියේදී තමන් ව දිවි ඇති තෙක් බලා ගන්නවා, ආරක්ෂා කරනවා කියපු Yibo කොහොමද මෙහෙම කරන්නේ කියා Zhan ට සිතන්නේ නැතිව ඉන්නට නොහැකි වුනා. ඔහුට Yibo ගෙන් ආදරයක් අවශ්ය නැහැ. අවශ්ය වැඩිමලා අසල රැඳෙන්න පමණයි. Zhan හෙමීට Haikuan අසලට ගිහින් ඔහුට උදෑසන සුබ පතමින් ඒ අසලින් වාඩි වුනා.
YOU ARE READING
𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️
Fanfiction🍀ඔබ වෙනුවෙන්ම🍀ʸⁱᶻʰᵃⁿ ❤️ වසර ගණනාවක් මුහුණු ආවරණයකට යටවුනු ආදරණීය හුරතල් දඟකාර කොළු ගැටයෙක්....❤️ 💚 සීතල වී හැඟීම් වලින් තොර වුනු කඩවසම් සිනාවෙන්නට අමතක වුනු අති දක්ෂ නිශ්ශබ්ද තරුණ ව්යාපාරිකයෙක්...💚 🖤 කිසිවෙක් නොදන්නා....සිටින තැනක් නොදන්නා...