🍀ᴛʜᴇ ᴍᴀʀʀɪᴀɢᴇ🍀

884 181 15
                                    

"You fill an empty space deep in my life. You truly are my soulmate and I wish to be with you forever"

🌷🌷🌷🌷🌷🌷

Chapter 4 - The Marriage

"අනේ Zhanzhan බය වෙන්න එපා පැටියෝ...ඔය පිස්සා කොහි හරි ඇති...ඔයාගේ wedding එක අද සිද්ධ වෙනවමයි...ඔයා බය නොවී ඉන්නකෝ මම කොහෙන් හරි එයාව හොයන් එන්නම්"

විවහය සිදු වීමට ඇත්තේ තව පැය කිහිපයකුයි. නමුත් Yibo කොහේවත් සොයා ගන්නට නැහැ. Haikuan තමන් අසල සිටින පුංචි තරුණයාව කොයිතරම් සන්සුන් කිරීමට උත්සහ කරත් Zhan ව සන්සුන් කරන්නට නොහැකි. ඒත් මේ වගේ වැදගත් දිනේක Zhan ගේ සන්සුන් වීම ඉතාම වැදගත්. ඇත්තටම ඒත් බාලයා හොඳටම බිය වී සිටියා ඔහුගේ දෑස් වෙව්ලන්නට වුනා. ඒවගෙන් නොකඩවා කඳුළු කැට පෝලිමේ ගලමින් තරමක් විසිතුරු ආකාරයේ මුහුණු ආවරණය තෙත් බරිත කරන්න වුනා. Zhan නොනවත්වාම මතුරමින් Yibo ට දුරකථන ඇමතුම් ලබා ගනට වුනේ Haikuan කොතරම් සන්සුන් වීමට කීවත් ඔහුගේ හිතේ නොසන්සුන් හැඟීම් ඔහුව බිය කරන නිසයි ඔහුගේ බලාපොරොත්තුව Yibo එකම එක ඇමතුමකට හෝ කතා කරයි යන්නයි.

ඇඳුම් මාරු කරන කාමරයට එන විටත් Zhan තවමත් නොනවත්වා Yibo ට දුරකථන ඇමතුම් ලබා ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇඳුම් මාරු කරන කාමරයට එන විටත් Zhan තවමත් නොනවත්වා Yibo ට දුරකථන ඇමතුම් ලබා ගන්නවා. Haikuan මෘදුව අඬන හා පැටියගේ හිස අතගාන්නට වුනා.

"Little bun...බය වෙන්න එපා අනේ Yibo එයි...ඔයා බය නොවී ඉන්න...අපේ Security එක ගියානේ Yibo ව හොයන්න...මේ වගේ ලස්සන දවසක ඔයා අවුල් වෙන්න එපා"

Haikuan එසේ කියා Zhuocheng ට සහා Zhan ගේ දෙමව්පියන්ට ඔහුව බාර දී තමන් ගේ මේ කිසිම වගකීමක් නැති හිතුවක්කාර මල්ලීව සොයන්නට පිටත් වුනා. Zhan දුරකථන ඇමතුම් ලබා ගැනීම නවතා කෙටි පණිවිඩ නොනවත්වා යවන්නට වුනා.

𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️Where stories live. Discover now