"To say goodbye is one thing but to leave is another, and I would never do that to you, my love."
🌷🌷🌷🌷🌷🌷
Chapter 23 - Safe With Me
"කලබල වෙන්න එපා didi එයාලා දැනටම Zhan ව හොයනවනේ?"
"කලබල නොවී කොහොමද? එයාට දැනටම මොනවහරි වෙලානම්. මම එයාට පොරොන්දු උනා එයාට කිසිම දෙයක් වෙන්න තියන්නේ නැහැ කියලා. ඒත් ඒත්...පැය 24 ක් ගියේ නැහැ---"
Haikuan ඔවුන් ගේ ව්‍යාපාරයේ විශාල විසිත්ත කාමරයේ සොෆාව මතට වී හිස බඳාගෙන වේඳනාව සහා තරහෙන් වෙව්ලන Yibo ගේ උරහිස් දෙකම අල්ලා ගත්‍තා. මෙය Yibo ගේ වැරැද්ද නෙමෙයි. ඇත්තටම ඔහු හොඳින් සිටීමට නම් එය Yibo ගේ මොලේට කා වැද්දිය යුතුයි.
"මේ බලන්න Bodi? *ඔහුගේ උරහිස් තද කරමින්* මගේ දිහා බලනවා මෝඩයෝ. ඔයා මෙතන දුර්වල උනොත් කොහොමද අපි Zhan ව බේරගන්නේ? ඒ නිසා ශක්තිමත් වෙන්න."
"Ge..."
"අන්න හරි...ආ...ඒක නෙමෙයි අර මාලේ? ඔයා ඒක Zhan ට දුන්නද?"
ඒ සමග Yibo ගේ ඇස් දෙක විශාල උනා. මාලේ!!!! දෙවියනේ ඒක ඔහුට සම්පූර්ණෙන්ම අමතක වෙලයි තිබුනේ. ඒ මාලේ...ඒක තමා ඔවුන් ගේ යතුර.
"Ge මම ඒක එයාගේ කරට දැම්මා. තාම...... *සතුටින් වෙව්ලමින්* තාම ඒක එයාගේ කරේ ඇත්තේ"
Haikuan ගේ මුහුණේද විශාල සිනහවක් ඇඳුනා ඔහු සතුටත් බියත් තරහත් යන හැම හැඟීමක් ම අතර වෙව්ලන Yibo වද ඇදගෙන ඉක්මනින් ඔවුන් ගේ office එකේ it room එකට දිව යන්නට උනේ මෙතන සිහියක් ඇති එකම කෙනා ඔහු පමණක් වීම නිසා. මොකද Yibo නම් මේ වන විට සම්පූර්ණෙන්ම සිහිය විකාර වෙලයි සිටින්නේ.
ඔවුන් එහි ඇතුළු වුන විට වෙව්ලන Yibo ව පුටුවකින් ඉන්ඳවා ඔහුට වතුර වීදුරුවක් දී Haikuan ඉක්මනින් ඔවුන් ගේ IT agents ලට උපදෙස් සපයමින් සිටින විට එම කාමරයට ඇතුළු වුනේ වෙන කවුරුත් නොවේ Xiao මහතායි. ඔහු ව දුටු ගමන් Yibo ඉක්මනින් පුටුවෙන් නැගිට ගොස් ඔහු ඉදිරියේ සිටගත්තා.
"Uncle Uncle මේ සේරම මගේ වැරදි...මට තිබ්බා එයාව එහෙම දාලා යන්නේ නැතිව ඉන්න. මම...මම මහා මෝඩයෙක්...මට බැරි වුනා Uncle ඔයාලට උන පොරොන්දුව ඉෂ්ට කරන්න...මම...මම...."
YOU ARE READING
𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️
Fanfiction🍀ඔබ වෙනුවෙන්ම🍀ʸⁱᶻʰᵃⁿ ❤️ වසර ගණනාවක් මුහුණු ආවරණයකට යටවුනු ආදරණීය හුරතල් දඟකාර කොළු ගැටයෙක්....❤️ 💚 සීතල වී හැඟීම් වලින් තොර වුනු කඩවසම් සිනාවෙන්නට අමතක වුනු අති දක්ෂ නිශ්ශබ්ද තරුණ ව්‍යාපාරිකයෙක්...💚 🖤 කිසිවෙක් නොදන්නා....සිටින තැනක් නොදන්නා...