"I believe that you are truly an angel in disguise, almost showing the truth and then not"
🌷🌷🌷🌷🌷🌷
Chapter 20 - The Person
"Zhan කෝ නැගිටින්නකෝ...පරක්කු වේලා නැගිටින්න Zhanzhan... අපි දැන්ම යන්න ඕනේ ළමයෝ කෝ ඉක්මනට නැගිටින්නකෝ...."
Yibo දැන් පැය කට පෙර සිටම පුංචි Zhanzhan ව නැගිට්ටන්න ලොකු වෙහෙසක් දෙනවා. ඔවුන්ට දැනටමත් යාමට පරක්කුයි. ඒත් Zhan තවමත් බෝලයක් ලෙස ගුලිවෙමින් නින්දේ. බාලයා ඔලුවේ සිටම පොරවගෙන සිටි පොරවනය අයින් කර Yibo බාලයා ගේ උරහිසෙන් අල්ලා සෙමින් නැවත සොලවන්නට පටන් ගත්තා.
ඒත් ඊලඟට දුටු දේත් සමග Yibo ගේ අත මිටි මෙල වී නහරවල් ඉලිප්පි පෙනෙන තරමට ඔහුගේ දෑත් ඔහුට නොදැනුවත්වම ඉලිප්පි ගියා. Zhan ගේ බෙල්ල.... ඔහු ගේ සිහින් ගෙලේ තාමත් ඊයේ ඒ පුද්ගලයා ඉතුරු කරපු රතු පැහැති සලකුණු හොඳින්ම පෙනෙන්නට තිබුනා.
එය දකින වාරයක් වාරයක් ගානේ Yibo ට ඇති උනේ දුකකුයි තමන් ගැනම තරහකුයි විතරයි. මොකද ඔහුට බැරි උනා ඌ Zhan ඇඟට අත තබන එක නවත්තන්නට. ඔහු ගේ සීතල ඇඟිලි තුඩු ඒ තුවාල මත යන විට Zhan තිගැස්සි ඇහැරුණා. ඒ සමග Yibo ද ක්ෂණිකව අත ඉවතට ගෙන ඇඳෙන් නැගී සිටියා.
"Zhan කෝ ඉක්මනට ලෑස්ති වෙන්න..."
බාලයා පිරිසිදු වී පැමිණි වහම ඔවුන් හෝටලයෙන් පිට වුනේ Yibo ට තවත් මෙහී Zhan ව රඳවා තබා ගැනීමට හදවත මොහොතකටවත් ඉඩ නොදෙන නිසයි. ඔවුන් Wang නිවසට යාමට මෝටර් රථයට ගොඩ වුනා.
Zhan නම් මුළු ගමනාන්තයම කල දේ නිදා ගැනීමයි. රථයේ පුටුව මත කුඩා පුළුං බෝලයක් සේ නිදා සිටින Zhan ව දුටු Yibo ගේ මුවේ සැනසිලි දායක සුන්දර සිනහවක් ඇඳී ගියා. ඔහු දන්නවා අනෙකා ඊයේ රාත්රියේ බිය නිසා වැඩි හරියක් නිදා නොගත් බව. ඒ නිසා ඔහුගේ හිතට මෙය සැනසුමක් ගෙනාවා.
YOU ARE READING
𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️
Fanfiction🍀ඔබ වෙනුවෙන්ම🍀ʸⁱᶻʰᵃⁿ ❤️ වසර ගණනාවක් මුහුණු ආවරණයකට යටවුනු ආදරණීය හුරතල් දඟකාර කොළු ගැටයෙක්....❤️ 💚 සීතල වී හැඟීම් වලින් තොර වුනු කඩවසම් සිනාවෙන්නට අමතක වුනු අති දක්ෂ නිශ්ශබ්ද තරුණ ව්යාපාරිකයෙක්...💚 🖤 කිසිවෙක් නොදන්නා....සිටින තැනක් නොදන්නා...