"The heavens must be feeling generous to me because they sent one of their own: you."
🌷🌷🌷🌷🌷🌷
Chapter 19 - Sleeping With You
අද යන තැන් ගැනත් කරන දේවල් ගැනත් ඔවුන් මේ වෙනකොටත් විශාල සැලසුමක් සාදාගෙනයි සිටියේ. හැම අයෙක්ම මේ වගේ ගමනක් පැමිණියේ කාලෙකිනුයි. Xiao පවුලත් Wang පවුලත් දෙපාර්ශවයම විශාල ලෙස කාර්යබහුල පුද්ගලයන්. ඔවුන් ට නිතරම මේ ආකාරයට පවුල් පිටින් යමින් විනෝද වීමට කාලයක් සොයා ගැනීම අපහසුයි. ඒ නිසයි මෙය ව්‍යාපාර ගමනක් උනත් මේ ගමනේදී විනෝද වීම සඳහා ඔවුන් මග බලා සිටින්නේ.
Yibo සිටියේ Zhan සතුටින් උඩ පනිමින් ගමනට ලෑස්ති වෙමින් කරන පිස්සු වැඩ දෙස බලා ගෙනයි. උදේ නැගිටින විටම හැම අයෙක්ම සිටියේ පුදුමාකාර සතුටකින් සහා උද්‍යෝගයකින්. ඔවුන් රථයට නැග්ග මොහොතේ ඉඳන් කරන දේවල් නොකරන දේවල් ගැන වාද කරන්නට වුනා. මොකද මේක කාලේකට පස්සේ ලබපු අත්දැකීමක් නිසා හැමෝම මේකට ආස කලා. යන්න ඕන හැමතැනකටම වගේ ගිහින් ඇති තරම් දඟලමින් ඔවුන් ගොඩක් විනෝද උනා.
මොන තරම් දඟ කරත් Zhan එක මොහොතකටවත් Yibo ගේ අත නම් අත හැරියේ නැහැ. ඔහු පුංචි ළමයෙක් වගේ ඔහු දකින ආස හැම දෙයක්ම ඉල්ලමින් Yibo ට කරදර කරන්නට වුනා. ඇත්තටම Yibo ත් කිසිම විරෝධයක් නොපා මේ දේවල් අරන් දෙන විට අනෙක් අය නොපෙන්නුවත් ඔවුන් සියළු දෙනාම මේ අයිස් කුමාරයා ගේ වෙනස් වීම ගැන කසු කුසු නොගෑවාම නොවේ.
Wang Yibo යනු ජිවිතේ වැඩි හරියක් office එකට යට කල කෙනෙක්. ඒ නිසා මේ ගමනත් ඔහුගේ පුංචි husband නුත් නිසා ඔහු කිසිදිනක නැති තරම් අලුත් විනෝදකාමී අත්දැකීම් රාශියක් ලැබුවා. ඒ මොන දේ උනත් ඔහුගේ හිතේ සිදුවුනු සිදු වීම් නිසා Zhan ගැන තිබෙන අවධානය දශමෙකින් වත් අඩු උනේ නැහැ.
පුදුමය කියන්නේ Yan Li ගේ සහා Haikuan ගේ තිබුනු එකමුතුව....වෙනදාට හොස්ස ළඟින් මැස්සෙක් ගියත් දෙන්නට දෙන්නා චෝදනා කර කර රණ්ඩුවෙන ඩබල අද ජාඩිය මූඩිය වගේ එක හරියට විනෝද වෙනවා. හරියට පොඩි ළමයි වගේ.
මේ දේවල් දුටු Xiao මහතා මහත්මිය තමන් ගේ තරුණ දරුවන් දෙස බලා සිනාසෙන්නට වුනා. ඔවුන් ට දැනෙන්නේද ඔවුන් තරුණ වෙලා වගෙයි. තමන්ගේ මතක ආවර්ජනය කරන ගමන් සහ ආයෙම තරුණ කාලයට ගියා වගේ ඔවුන් දෙදෙනාද මේ දේවල් වලින් සතුට හා විනෝදය ලබා ගත්තේ නිතැතින්මයි.
YOU ARE READING
𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️
Fanfiction🍀ඔබ වෙනුවෙන්ම🍀ʸⁱᶻʰᵃⁿ ❤️ වසර ගණනාවක් මුහුණු ආවරණයකට යටවුනු ආදරණීය හුරතල් දඟකාර කොළු ගැටයෙක්....❤️ 💚 සීතල වී හැඟීම් වලින් තොර වුනු කඩවසම් සිනාවෙන්නට අමතක වුනු අති දක්ෂ නිශ්ශබ්ද තරුණ ව්‍යාපාරිකයෙක්...💚 🖤 කිසිවෙක් නොදන්නා....සිටින තැනක් නොදන්නා...