"Now that I know of your love, I will never be able to live without you."
🌷🌷🌷🌷🌷🌷
Chapter 8 - Happiness is You
"Zhan දැන් එන්න අපි යමු. නැත්නම් තව පරක්කු වෙනවා"
තාමත් තමන්ගේ පපුව අස්සේ මූණ හංඟගෙන ඉන්න Zhan දිහා බලාගෙන සෙමින් ඔහුගේ මුහුණ ඔසවමින් පවසන්නට වුනා. එහෙත් Zhan බිම බලාගෙනම තවමත් ලැජ්ජාවෙන් හිස වනා Yibo සමග යන්නට සූදානමින් හොරෙන් අනෙක් අය දෙස බලා නැවත පහත බලා ගත්තා.
"Gege ඔයා එන්නේ නැද්ද?"
"මොකද නැත්තේ? මම නැතුව කොහොමද ඔහෙලා දෙන්නා ඒහේ යන්නේ? මාත් එනවා"
Yibo ට රවන ගමන් Haikuan බොරු තරහක් මවා පාන ගමන් ඉක්මනින් කෑ ගසාගෙන එතනට පිටවීමට නැගී සිටියා. තිදෙනාම එතනින් එලියට පිට වී Xiao නිවසට යාම සඳහා හිතාගෙන පිටතට පැමිණියත් ඔවුන් ගිල ගන්න වගේ සිටි මාධ්‍යවේදීන්ගෙන් බේරිමට හොරෙන් ම පස්සා දොරෙන් පැන මෝටර් රථය ට ගොඩ වුනා. Yibo සහා Haikuan දෙදෙනා නම් මේ වන විටත් බරපතල සාකච්චාවක. නමුත් නිතරම කියවන පුංචි හා පැටියා නම් තාමත් හිටියේ කටට ඉබ්බෙක් දාගෙන ඔලුව පහත්කර ගෙනමයි.
"Zhanzhan... අයියෝ ළමයෝ බය වෙන්න එපා අනේ. අපේ Yibo ඔයාට මුකුත් කියන්නේ නෑ එයා ගැන වැරදියට හිතුවා කියලා. කෝ දැන්වත් ඔය මූණ උස්සලා පෙන්නන්න අපිට. ඔයාගේ කටහඬ අහන්නේ නැතිව පාලුයි නේ අපිට"
Kuan ඒ හුරුබුහුටි මුහුණ ප්‍රවේශමෙන් අල්ලාගෙන මෘදුව පැවසුවේ ඒ හුරතල් ඇස් දෙකයි කතාවයි නැතුව පාලූ දැනුන නිසාමයි.
"පාඩුවේ ඉන්න දෙන්න එයාට"
Yibo තාමත් Zhan ගේ මූණ උඩ තිබ්බ Kuan ගේ අත් දෙක Zhan ගේ මූණෙන් ඈත් කරන ගමන් නොරිස්සන, ඉරිසියාව පිරුණු දෑසකින් Kuan දෙසට තදින් පැවසුවා
"අහ්! බලන්නකෝ මෙයාගේ ඉරිසියාව. බය වෙන්න එපා මම ඔහෙගේ Zhan ව ගිලින්නේ නෑ. එයා ගැන මටත් අයිතියක් තියෙනවා."
Kuan Yibo ට ගස්සන ගමන් බාලයා ගේ පැත්තට සිනා සී අනෙක් පස බලා ගත්තා. Zhan ගේ මුණේ හිනාවක් මැවෙන්න එක ක්‍රමයක් තියන බවට ඔහු දන්නවා. ඒ Yibo. Haikuan ගේ කතාවත් එක්ක මෙච්චර වේලා හොර වැඩක් කරපු පුංචි හා පැටියෙක් වගේ වගේ බිම දිහාම බලාගෙන සිටි Zhan එක පාරටම Yibo දිහා බලා ඇත්තටම ඒ දෑස් වල ඉරිසියාව හඳුනා ගෙන මෙතෙක් වෙලා කිසිවක් නොවුනා වගේම ඇස් දෙක නොපෙනී යන තරම් ලොකුවට සිනාසෙන්නට පටන් ගත්තා.
YOU ARE READING
𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️
Fanfiction🍀ඔබ වෙනුවෙන්ම🍀ʸⁱᶻʰᵃⁿ ❤️ වසර ගණනාවක් මුහුණු ආවරණයකට යටවුනු ආදරණීය හුරතල් දඟකාර කොළු ගැටයෙක්....❤️ 💚 සීතල වී හැඟීම් වලින් තොර වුනු කඩවසම් සිනාවෙන්නට අමතක වුනු අති දක්ෂ නිශ්ශබ්ද තරුණ ව්‍යාපාරිකයෙක්...💚 🖤 කිසිවෙක් නොදන්නා....සිටින තැනක් නොදන්නා...