"The thought of hearing you laugh already brings this smile to my face that lasts for weeks"
🌷🌷🌷🌷🌷🌷
Chapter 17 - Business Trip
Wang Yibo's POV
ඒ ඇස් වල කඳුලු පිරෙන කොට මට දැනුනේ මගේ පපුවට කවුරු හරි පිහියෙන් අනිනවා වගේ වේඳනාවක්. ඒකට හේතුවක් නොදන්නවා උනත් මට තේරුන එක දෙයක් තිබ්බා.
ඒ මම එයාට ආදරය කරනවා
ඒක මගේ හිත මට නොනවත්වා කෑගහන්න ට උනත් මම ඒක පිලිගන්න අකමැති උනා. මොකද මගේ හදවත මේ වෙනකොටත් වෙන කෙනෙක්ට ආදරෙයි.ඒත් Zhan ගේ ඒ ඇස්දෙක....ඒ ඇස් දෙක හැම වෙලේම මට තවත් ඇස් දෙකක් මතක් කරනවා. මට ඒ ඇස් දෙක වෙන්කරලා අඳුරගන්න බැරි උනත් මට ඒ ඇස් දෙක හැම තිස්සෙම කෙනෙක් මතක් කරලා දෙනවා. මට දිගටම සැක නොහිතුනාමත් නෙවෙයි. ඒත් මම ඒක විශ්වාස කරන්න බයයි. ඒ ඇත්ත පිළිගන්න බයයි.
මොකද මම මගේ angel bunny ගේ මූණ Zhan ගේ මූණට සමාන කරන්න මම බයයි. මම හිත මේ දැන් හිතන්නෙත් Sean ගැන...ඒ Angel ගැන. මොකද Zhan නිසා මට මේ දවස් වල එයාව මතක් වෙනවා ගොඩක් වැඩි. ඒ දෙන්නගේ මොකක්දෝ සමාන කමක් මට දැනෙනවා...ඒත් ඒක මට තේරුම් කරන්න තේරෙන්නේ නැහැ.
කල්පනාව පිටින්ම මම කාමරයට ඇතුලු වෙනවත් එක්කම දැක්ක දෙයින් මට උන්හිටි තැන් අමතක උනා.
Zhan මට පිටුපාලා හිටිය නිසා මට එයා ගේ මූණ හරියට බලාගන්න බැරි උනත් කණ්ණාඩියෙන් මට හොඳ පැහැදිලිව සම්පූර්ණෙන්ම Zhan ගේ ප්‍රතිබිම්බය පේනවා. සම්පූර්ණෙන්ම කිවුවේ එයාගේ මූණත් එක්කමයි.
මම කණ්ණාඩියෙන් පේන මූණ දිහා හරිම පුංචි වේලාවක් බලාගෙන ඉන්න ඇති....... ඒත් තප්පරයක්වත් නොයද්දී ඉක්මනට Zhan එයාගේ Mask එක දාගත්තේ මට හිතන්නවත් වේලාවක් නොදී.
ESTÁS LEYENDO
𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️
Fanfic🍀ඔබ වෙනුවෙන්ම🍀ʸⁱᶻʰᵃⁿ ❤️ වසර ගණනාවක් මුහුණු ආවරණයකට යටවුනු ආදරණීය හුරතල් දඟකාර කොළු ගැටයෙක්....❤️ 💚 සීතල වී හැඟීම් වලින් තොර වුනු කඩවසම් සිනාවෙන්නට අමතක වුනු අති දක්ෂ නිශ්ශබ්ද තරුණ ව්‍යාපාරිකයෙක්...💚 🖤 කිසිවෙක් නොදන්නා....සිටින තැනක් නොදන්නා...