Chapter 04

287 50 81
                                    

Jimin pov.

ජී වොන් මමයි හොබි හ්‍යුනුයි එනකම් බඩගින්නෙ ඉදියා කිව්ව ම මං පුදුම වුණේ එයා දවස ම එහෙම බඩගින්නෙ ඉන්නෙ කොහොම ද කියලා.. මොකද මං ඔෆිස් ගිහින් සමහර දවස් වලට එන්නේ රෑ නවයට ලං වෙලා.. ඒ වෙනකම් එයා බඩගින්නෙ ඉන්නවා කියලා ජින් හ්‍යුන් දැන ගත්තා නම් මං ගැන මොනා ද හිතන්නෙ.. මං ඇත්තට ම කලින් ඒ ගැන දැන ගෙන ඉදියේ නෑ..

මං ජී වොන් ට මොනා හරි හදලා දෙන්න ඕනි කියලා හිතලා පහළට යමු කිව්වේ ජින් හ්‍යුන් මාව පොඩි කාලෙ ඉදන් හොදට බලා ගත්‍තත් මට එයාගෙ නංගි ව බලා ගන්න බැරි වුණ එක ගැන මට ලැජ්ජා හිතුණා.. ජි වොන්ට එන්න කියන ගමන් මං ඇදෙන් නැගිටිනවත් එක්ක ම ජි වොනුත් ඇදෙන් නැගිටිනවා දැක්කත් කකුල පැටලිලා ජී වොන් ව වැටෙන්න යද්දි මං ඉක්මන් කරලා අතින් අල්ල ගත්තා...

ඔහ්.. තව ඩිංගෙන් වැටෙනවා නේද.. ජී වොන් හිනා වෙලා අහද්දි මං එයා දිහා බැලුවේ එයා මොන වගේ ද කියලා හිතා ගන්න බැරි නිසා.. ජින් හ්‍යුන් ළගවත් නැති හොද හිතක් එයාගෙ නංගිට ආවේ කාගෙන් ද කියලා මට හිතා ගන්න බෑ..

පරිස්සමෙන් .. වැටෙයි...

 වැටෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි... ජී වොන් හිනා වෙලා කියද්දි මං එයා එක්ක ම එළියට ආවත් එක පාරටම ජී වොන් මගෙ අතින් අල්ල ගනිද්දි මාව ගැස්සිලා ගියා..

මගෙ ජිවිතේ පළවෙනි පාරට මගෙ ඔම්මට පස්සෙ මගෙ අතින් අල්ලපු පළවෙනි කෙනා.. ඒ වගෙ ම මං එක්ක මේ තරම් ලං වුණ එකම කෙනා.. මගෙ ඇත්ත දන්නවා නම් එයා කීයටවත් මං ළගට එන්නෙ නෑ කියලා මං දන්නවා..

මං පහළට ගිහින් ජී වොන් ට සුෂි හදලා දෙන්න හිතුවේ මට රසට ම හදන්න පුලුවන් එක නිසා..😁 ජී වොන් මං නිසා තුවාල වුණ අතත් පරිස්සමට මෙසේ උඩින් තියා ගෙන මං දිහා බලන් ඉදියේ හරි ම වෙනස් විදිහකට.. ඒ මූණෙ හැම වෙලාවෙ ම ලස්සන හිනාවක් තිබුණා.. මං ඒ තරම් දෙයක් කරලත් එයා මා එක්ක මෙහෙම ඉන්න එක ගැන මට පුදුමයි..

Agreement (Complete )Where stories live. Discover now