Chapter 11

262 45 167
                                    

...........

ඇදගෙන ඉදපු short trouser එකයි t shirt එකයි පිටින් වතුරට බැහැපු ජී වොන් හිතේ හැටියට පීනන්න ගත්තේ ගොඩ දවසකින් නිසා...

" ජන්ග්කුක් මොනා කරනව ද දන්නෙ නෑ දැන්.. එයාට මාව මතක ද දන්නෙ නෑ.. මෝඩයා .. යාලුවා වුණා ම දැන ගන්න ඕනි මං වෙඩිම නොකිව්වත් ඒකට එන්න..😒" හිතින් ජන්ග්කුක් ට දෙහි කපපු ජී වොන් ආයෙ ම පීනගෙන මැදට යන අතරේ වතුර යටින් කළු සේයාවක් දැකපු නිසා නතර වෙලා ඒ දිහා හොදට බැලුවා..

එහා මෙහා යන කළු සලකුණ එක පාරට ම ලොකු වුණේ ජීවොන් ට වතුර අතරින් ලොකු මෝරෙක් පෙනෙද්දි..

ඔහ්.. ප්... ජී වොන් ඉක්මන් කරලා කට වහ ගත්තත් යට ඉදපු මෝරා වෙගෙන් ඇවිත් හැප්පුණේ ජී වොන් ව ඌගෙන් වෙන් කරලා තිබුණ වීදුරුවේ..

මෝරා සැරින් සැරේ වේගෙන් වීදුරුවේ හැප්පෙන කොට ජී වොන් ඒ දිහා බලන් ඉදියේ බය වෙලා නිසා කිසිම දෙයක් මතක් නොවෙද්දි..

" මො...මෝරෙක්... වීදුරුව.. ඒක.. පි..පිරෙයි... මං මොකඩ... අහ්.. යන්න.. උඩට..ඔ..ඔව්.." හිතපු ජී වොන් ආයෙ ම එන්න හැදුවත් බය නිසා වගේම සීතලට ජී වොන් ගෙ කකුලේ කෙණ්ඩ පෙරළුණෙ ජීවොන් ගෙ මරණෙ සිහි කරලා..

..............................................................
Jimin pov.

උදේ ම ඔෆිස් එකට ගියෙ වැඩ ගොඩ ගැහිලා තිබුණ නිසා වුණත් ආයෙමත් මට ගෙදර එන වුණේ DK එක්ක අලුතින් කරපු ඩීල් එක ගැන පොඩි ප්‍රශ්නයක් වුණ නිසා..මගෙ ගෙදර ඉන්නේ මට ළඟ ම හොද ම ආරක්ෂකයෝ වුණත් ඒ මිනිස්සු කොයි වෙලේ වෙනස් වෙයි ද කියල මට හිතා ගන්න බැරි නිසා මගෙ මාෆියා වලට සම්බන්ධ තොරතුරු වගෙ ම වටිනා ලියකියවිලි සේර ම මං හංගලා තියන්න විශෙෂයෙන් ම හදපු තැන තමයි ක්ලොසෙට් එක පිටි පස්සෙ රහස් කාමරය..

ඒ ගැන දන්නේ දෙන්නයි .. හොසෙයොක් හ්‍යුන් වගෙ ම කිම් ටේ හ්‍යුන්.. මං ගෙදරට එනකොට වෙනදට ජී වොනා සොෆා එකට වෙලා බලන් ඉදියත් අද ඉදියේ නැති නිසා මං ගාර්ඩ් කෙනෙක් ගෙන් ඇහුව ම කිව්වෙ උඩට ගියා කියලා.. කාමරේ ට යන්න ඇති කියලා හිතල මං කාමරේට ආවත් එයා කාමරේ නැති නිසා මං ආව වැඩේ කර ගෙන යන්න හිතුවේ ජී වොනා එයාගෙ කාමරේ වෙන්න ඇති කියලා හිතලා..

Agreement (Complete )Where stories live. Discover now