......
ජින් තමුසෙ ම ඒ දෙන්න ව බන්දලා දිලා දැන් මෙහෙම කරා ම හරි ද.. ඒකා රෑ එකොළහ වෙනකම් බලන් ඉදියා..
ඉතිං මං බලන් ඉන්න කිව්ව ද.. අනික මොකට ද ගෙට ගත්තේ...🤨
ජින්... කුකි තරහින් කෑ ගහනවත් එක්ක ම..
සද්දෙ අඩු කරගන්නවා කුකි ජී වොනා නිදි..
දැන් ද මතක් වුණේ.. ඔයා ජිමින් ව මග අරින්න ඒකා එනවා කියලා දැන දැන ම ඔෆිස් එකට ගිහින් ඉදියා.. ජි වොනත් ඇහැරලා බලාගෙන ඉදියේ ඔයා එනකම්.. ජී වොන් මේ දවස් ටිකේ ම ගොඩක් කල්පනා කරනවා.. ඒත් අද.. අද එයා ගොඩක් සතුටින් ඉදියා ජිමින් එක්ක..
ජීවොන් මා එක්ක ඉන්නෙත් සතුටෙන් තමා ..
ජින් තමුසෙට මොකද වෙලා තියෙන්නෙ කියලා මට කියනව ද.. මෙතන මොකද්ද තියෙන ප්‍රශ්නේ.. මට හිතෙන්නේ ඔයා එක්ක ඉන්නවට වඩා ජිමින් ළඟ ඉන්න කොට ජී වොන් හොදට ඉදියා.. කුකි අහක බලන් කියද්දි කුකි ළඟට තරහින් ආව ජින්..
මොකද්ද කියන්නේ..
ඇත්ත... ජින් ඔයා ජීවිත දෙකක් එක්ක සෙල්ලම් කරන්නේ... ජී වොන් විතරක් නෙවෙයි.. මෙතන දැන් ඉන්නේ..
ජිවිත දෙකක් නිසා තමයි මං මේක කරන්නේ..
මොකද්ද... ජන්ග්කුක් ඇහුවා... ජින් ජන්ග්කුක් ළඟින් එහාට යන ගමන්..
ජිමින් ජී වොන් ට ආදරෙයි කියලා මං දන්නවා ඒත් දැන් මට ජී වොන් ව එයාට දෙන්න බෑ.. කලින් ජිමින් නෙවෙයි දැන් ඉන්නේ...
ඒ කියන්නේ...
ඒක ඔයාට තෙරෙන්නෙ නෑ.. ඒ නිසා කුකි මේ ගැන කතා කරන එක නවත්තන්න..
මට නම් තමුසෙ තේරුම් ගන්න බෑ ජින්... ගොඩක් වෙනස් වෙලා ඔයා... ඒරා ඉදිය නම්.. ශිට්... කියපු කුකි තරහින් යන්න ගියා...
YOU ARE READING
Agreement (Complete )
Fanfiction" ඔම්මා.. ඔයාට පස්සේ මං එනකම් කෙනෙක් බලන් ඉන්නවා... " " ඔම්මව මගෙන් වෙන් කරපු කෙනාගෙ දුව " " මං එනකම් බලන් ඉන්න එපා ජී වොන් " " මොනා ද එතන තියෙන්නෙ ඇයි Black Shark එහෙම කරේ... " " මේ දෙන්නා කවදා වෙනකම් මෙහෙම ජිවත් වෙයි ද.. " " තමුසෙට කිව්...