ජනාකීර්ණ උසාවි භූමිය පුරා එහා මෙහා යන ජනකාය අතරේ වයිට් කලර් ඔෆිස් කිට් එකක් ඇදලා බ්ලු ටූත් ear පීස් එක කනට තද කරන ගමන් ඉක්මන් අඩි තියලා ඇවිදගෙන යන ජියානාගේ පිටිපස්සෙන් බාගයක් දුවගෙන බාගයක් ඇවිදගෙන යන ගමන් ජියානාගේ සෙකට්රී තමන්ගේ කටහඩ අවදි කලා....
"මෑම් මිස්ටර් ජොනතන් ගේ ලෝයර් වෙන කව්රුත් නෙවෙයි හැමෝම දන්න ජියොන්...ජියොන් ජන්කුක්!!!"
හති දාන ගමන් ජියානාගේ සෙකට්රී ඇනා කියන කොට එකතැනම නැවතුන ජියානා පීටිපස්ස හැරිලා ඇනා දිහා බැලුවා....
"ඇනා!! මොකක්ද දැන් කිව්වේ!!!.."
දාගෙන හිටපු බ්ලැක් ෂේඩ්ස් දෙක ඉහලට කරලා ඔලුවේ රදවන ගමන් ජියා ඇහුවා....
"යෙස් මෑම්..!! මිස්ටර් ජොනතන් ගේ ලෝයර් ජියොන් ජන්කුක්... ලෝයර් ජියොන් මේතාක් දුරට හැන්ඩ්ල් කරපු කිසිම කේස් එකක් පරාද වෙලා නෑ මෑම්... වැරදි වුනත් නිවැරදි වුනත් ලෝයර් ජියොන් තමන්ගේ ක්ලයන්ට්ට කේස් එක දිනවලා දෙනවා..!!!"
සැරෙන් සැරේට අතේ තිබුන ටැබ් එක දිහා බලන ගමන් ඇනා කියන කොට ඇනා දිහා කල්පනා කාරී බැල්මකින් බලාගෙන හිටපු ජියානාගේ ඇස් නැවතුනේ එහායින් තිබුන කා පාක් එකේ නැවතුන බ්ලැක් කලර් බෙන්ස් එකෙන් බැහැපු කෙනා ලග....
බ්ලැක් කලර් ෆුල් සූට් එකකට බ්ලැක් ටයි එකක් මැච් කරලා හිටපු ලෝයර් ජන්කුක් නහය උඩ තිබුන කන්නාඩි දෙක උඩට කරලා හදාගෙන අත් දෙකෙන්ම බ්ලේසර් එක හදන ගමන් තමන්ගේ සෙකට්රි ට මොනවා හරි පැහැදිලි කරන ගමන් ඉස්සරහට ඇවිදගෙන ආවා....ඉස්සර තිබුන අකීකරු තරමක් දිග කූරු කොන්ඩේ වෙනුවට කොටට කපපු පිලිවෙලට පස්සට හදපු කොන්ඩේ ජන්කුක් ට පරිනත පෙනුමක් ගෙනල්ලා තිබුනා...
එක තැන හිටගෙන බලාගෙන ඉන්න ජියානා ලග ජන්කුක් ගේ ඇස් දෙකත් නවතින කොට දෙන්නගේම මතකේ මීට අවුරුදු අටකට කලින් අතීතේට ඇදිලා ගියා....
__________ 8 years Ago_________
ජියානා බිත්තියට මුවා වෙලා කටත් ඇරගෙන ground එක දිහා බලාගෙන හිටියා....ground එකේ මුලු බාස්කට් බෝල් ටීම් එකම හිටියත් ජියානාගේ ඇස් නැවතිලා තිබුනේ එක්කෙනෙක් ලග විතරයි...
ජියොන් ජන්කුක්!!!
අවුරුදු දෙකක් තිස්සේ ජියානා හැමදාම ජන්කුක් ප්රැක්ටිස් කරන දිහා හොරෙන් බලාගෙන ඉන්නවා...දාඩියට තෙත් වෙලා නලලට ඇලිලා තිබුන ජන්කුක් ගේ තරමක් දිග කූරු කොන්ඩේ... ලස්සනට මේන්ටේන් කරන ජන්කුක් ගේ හාඩ් ඇබ්ස්... දාඩිය බිංදු බේරෙන බෙල්ල ජන්කුක් ට ගෙනත් තිබුනේ අමුතුම කඩවසම් පෙනුමක්... ඊටත් වඩා හැමෝම ගැන හොයලා බලන විදිහ... ටීම් එකේ කැප්ටන් වුනත් ජන්කුක් ලග තියෙන නිහතමානී කම... හා පැටියෙක් වගේ බෙල්ල ඇල කරලා නහය අකුලගෙන හිනා වෙන විදියට ජියා පිස්සු වැටුනා...
YOU ARE READING
🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction🌻බිදුනු හදවත් !!! 🌻පුලුවන්ද හදවතක් බිදුනම ආපහු තිබුන විදියටම බැදීම් අලුතින් පටන් ගන්න!! 🌻පුලුවන්ද පන තරම් ආදරේ කරපු කෙනා එක පාරටම යන්න යද්දී හිත හදාගෙන සමු දෙන්න!!! 🌻පුලුවන්ද කාලේකට පස්සේ වැරදි හදාගෙන ආපහු ආවම හැමදේම අමතක කරලා සමාව දෙන්න!!!! •ජ...