🌻16

714 154 23
                                    

"මට දැනගන්න ඕන ඔයා මේ හදිසියේ ජැපෑන් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්නේ ඇයි කියලා කුකී!! ඇයි ඔයා මේ හදිසියේ ජැපෑන් යන්නේ!!"

රියා ආයේත් ඇහුවා...ජන්කුක් රියාව ඇහෙන්නේ නෑ වගේ ඈත බලාගෙන හිටියා.....

"ජන්කුක්!! මං ඔයාගෙන් අහන්නේ? ඔයා මොකද හදිසියේම ඔයාගේ පපාවත් දාලා ජැපෑන් යන්නේ? ඔයාට එහෙම ප්ලෑන් එකක් තිබුනේ නෑ!!"

රියා ජන්කුක් ගේ ඉස්සරහට ඇවිත් අත්දෙක බැදගෙන ඇහුවා...ජන්කුක් බිම බලාගෙන තොල හැපුවා, ඊලගට හුස්මක් පහල දාලා රියා දිහා බැලුවා....

"ඒක මගේ පර්සනල් දෙයක් රියා!!"

ජන්කුක් කිව්වා, රියා ඇස් හීන් කරලා ජන්කුක් දිහා බැලුවා...

"ඔයා යන්න හදන්නේ අර බොරුකාරි ජියානාගේ එන්ගේජ්මන්ට් එක නිසා හිත රිදවගෙන ද කුකී!"

ජන්කුක් ගේ අතකින් අල්ලලා රියා හීන් හඩින් අහනකොට, කට කොනකින් හිනා වුන ජන්කුක් රියාගෙන් අත ගලවගෙන ලග තිබුන සිමෙන්ති බංකුවේ වාඩි වුනා....

"මං ජියා එක්ක ජැපෑන් යනවා රියා, ඒ විකාර එන්ගේජ්මන්ට් එක සිද්ධවෙන දෙයක් නෙවේ!!"

රියා පුදුමයෙන් කට ඇරගෙන බලද්දි ජන්කුක් හිනියට හිනාවෙලා කිව්වා...

"ඒක නෙවෙයි ඔයා කොහොමද එන්ගේජ්මන්ට් එක ගැන දන්නේ!!"

ජන්කුක් ඊලගට ඇහුවා...රියා නිහඩයි....

"හේයි රියා!!"
ජන්කුක් රියාගේ ඇස් ඉස්සරහ අසුරුක් ගැහුවා....

"අ ..ආහ්!!"

"ඔයා කොහොමද ජියාගේ එන්ගේජ්මන්ට් එක ගැන දන්නේ?"

ජන්කුක් ආයිත් ඇහුවා....

"පපා කිව්වා!! ඔයා දන්නවානේ මගේ මමා වැඩ කරන්නේ ඔය ජියානගේ future husband ට අයිති factory එකක, ඉතින් පපා කිව්වා එන්ගේජ්මන්ට් එක නිසා කම්පැනීස් දෙකේම අයට සතියක නිවාඩුවක් දෙනවලු, !!"

රියා කියනකොට ජන්කුක් කට කොනකින් හිනා වුනා....රියා ජන්කුක් දිහා පුදුමෙන් බැලුවා....

"ජන්කුක්!! ඔයා මොනවද කරන්න හදන්නේ?"

රියා ඇහුවා.....

🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now