🌻19

800 177 26
                                    

"මට හිතාගන්න බෑ ඔයාගේ මමා බාස්කට් බෝල් වලට ඔය තරම් හේට් කරන්නේ මොකද කියලා!!"

වෙලාව හවස දෙකයි, ජන්කුක් හිටියේ හයිකෝට් එකේ ඉදලා ගෙදර යන ගමන් අතරමැද තිබුන කැෆේ එකක කවුන්ටර් එක ඉස්සරහ... ජන්කුක් ට ඕන වුනේ ටිකක් රිලැක්ස් වෙන්න... 

ඕඩර් කරපු කොෆි එක රෙඩි වෙනකන් ජන්කුක් කටහඩ ඇහුන පැත්තට අවදානේ දුන්නා.... කවුන්ටර් එකට ටිකක් එහායින් තිබුන ටේබල් එකට වාඩි වෙලා හිටපු පුංචි කෙල්ල තමයි එහෙම කිව්වෙ....

"අයි ඩුන්නෝ  සැලී!! මමා බාස්කට් බෝල් වලට වගේම බාස්කට් බෝල් කෝට්  එකටත් හේට් කරනවා!!"

කෙල්ලගේ ඉස්සරහ වාඩි වෙලා හිටපු තද කලු කොන්ඩයක් වගේම රවුම් ඇස් තිබුන චූටි කොල්ලා රවුම් ඇස් තවත් ලොකු කරලා කිව්වා.....

"ෆූහ්!! දැන් ඒකෙන් වැඩක් නෑ සන්ගුක්,  ඔයාට ඔයාගේ පොරොන්දුව අමතක කරන්න බෑ ඕකේ!!"

කෙල්ල කිව්වා.... චුටි කොල්ලා ඔලුව උස්සල කෙල්ල දිහා බැලුවා....

"ඔයා මට ප්රොමිස් වුනානේ ඔයාගේ මමා මාත් එක්ක බෙදාගන්නවා කියලා.....!!"

කෙල්ල කියනකොට කොල්ලා තොල් උල් කරගත්තා.... පුංචි කපල් එකේ හුරතල් වැඩ බලාගෙන හිටපු ජන්කුක් ගේ මූනෙත් පුංචි හිනාවක් ඇදුනා..... ඒ හිනාවෙන්ම තමන්ගේ කොෆි එකත් අරගෙන ටේබල් එක ලගට ඇවිදගෙන ගිය ජන්කුක් එතනින් නැවතුනා....

"එක්ස්කියුස්මී!! මං මෙතන වාඩි වුනාට කමක් නැද්ද?"

ජන්කුක් අහනකොට පොඩ්ඩෝ දෙන්නම ජන්කුක් දිහා බැලුවා... හිනාවුන ජන්කුක් වාඩිවෙලා phone එක අතට අරගත්තා.... මොහොතක් ජන්කුක් දිහා බලාගෙන හිටපු පොඩි ජෝඩුව ආපහු එයාලගේ කථාව පටන් ගත්තා......

"මම ඔයාට මගේ පපාව දෙන්නම්!!"

පුංචි කෙල්ල සැලී කිව්වා...

"පපාලා හොදයිද? "

සන්ගුක් ස්ට්රෝ එක කටේ ගහගෙන දිලිසෙන ඇස් වලින් සැලී දිහා බලලා ඇහුවා..... සැලි තොල් උල් කලා.....

"ඔයාට කවදාවත් ම පපා කෙනෙක් ඉදලා නැද්ද සන්ගුක්!!"

සැලී ඇහුවා....ජන්කුක් ඔලුව උස්සල පුංචි කොල්ලා දිහා බැලුවා... කොලුපැටියා තොල නොපිට පෙරලගෙන නෑ කියලා ඔලුව දෙපැත්තට වැනුවා....

🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now