"ඇයි පහලට ආවේ ප්‍රින්සස්!! මං කෑම එක උඩට අරගෙන එනවනේ!!"
මාස පහක් වුන බේබි බම්ප් එකත් එක්ක ජියා හෙමින් පඩිපෙළ බැහැලා පහලට එනකොට ජන්කුක් වෙනදා වගේම ජියා ලගට දුවගෙන එන ගමන් කිව්වා.... ජියා හිනාවෙලා ඩයිනින්ග් ටේබල් එකට වාඩි වුනා...
"ඉට්ස් ඕකේ ජන්කුක්, මට පුලුවන්!!"
ජියා කෑම බෙදාගන්න ගමන් කිව්වා....
"ඒ වුනාට ඔයාගේ කකුල් තාමත් හොදටම ඉදිමිලා ප්‍රින්සස්!!"
ජියාගේ කකුල් දිහා බලලා ජන්කුක් කිව්වා....කලින් දවසේ ජියා හවස ඔෆිස් එකේ ඉදලා ගෙදර එනකොට ජියාගේ කකුල් හොදටම ඉදිමිලා තිබුනා..... ජන්කුක් හොදටම බයවෙලා ඩොක්ටර්ට කෝල් කලත් ජියා ඒක ගනන් ගත්තේ නෑ.... ජියා දන්නවා ජන්කුක් තාමත් බය වෙලා ඉන්නේ.... ඒත් මේක සාමාන්‍ය දෙයක් කියලා ජියා දන්නවා....
ගුකී ජියාගේ බෙලී එකේ ඉද්දිත් මේ වගේම ජියාගේ කකුල් ඉදිමුනා.... අඩියක් තියලා අඩියක් ගන්න එක අමාරු වෙනකන් ජියා මුලු දවසම එක දිගට වැඩ කලා, ඊටපස්සේ රෑට ගෙදර ඇවිත් තනියම කකුල් මසාජ් කරගෙන පහුවදා පාන්දරත් ආයේම වැඩට ගියා.....
ඒත් දැන් ජියා අඩියක් පයින් ඇවිද්දේ නෑ, මහ රෑ වෙනකන් ඇහැරගෙන හීටියේ නෑ... එකදිගට හිටගෙන පැය ගනන් වැඩ කලේ නෑ.... එක වේලක් විතරක් කෑම කාලා අනිත් වේල් බඩගින්නේ හිටියේ නෑ, ඉතින් ජියාට පුංචි පුංචි අමාරුකම් මහ දේවල් වුනේ නෑ.....
"ආහ් ඒක නෝමල්!!"
ජියා ගානකට නොගෙන ජන්කුක් ට උත්තර දුන්නා....
"ඒක කොහොමද නෝමල් වෙන්නේ ලව්, මං කියන්නේ ඔයා මහන්සි වෙනවා වැඩියි!! ඔයා දැන් ගෙදරට වෙලා සිටියානම් හරි!!"
ජන්කුක් කිව්වා..ජියා තොල් තද කරගෙන හිනා වුනා...
"මං ගුකී ලැබෙන්න හිටපු කාලේ මීට වඩා සිය ගුණයක් මහන්සි වෙලා වැඩ කලා ජන්කුක්!! මං මගේ ගෙදරට යන පුංචි පඩිපෙළ නැග්ගේ අත් දෙකත් උදව් කරගෙන, ඒ තරමට මගේ කකුල් රිදුනා... එච්චර මහන්සි වෙලා ගෙදර ආවත් මට බඩ පිරෙන්න කන්න තිබුනේ නෑ, වැඩ කරපු තැනින් තේ වෙලාවට දීපු කුකීස් දෙක ඉතුරු කරගෙන ඒවා කාලා තමයි මං නිදාගන්නේ.... එහෙම කරපු මට දැන් මේ කරන වැඩ ලොකු දේවල් නෙවෙයි!!!"
YOU ARE READING
🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction🌻බිදුනු හදවත් !!! 🌻පුලුවන්ද හදවතක් බිදුනම ආපහු තිබුන විදියටම බැදීම් අලුතින් පටන් ගන්න!! 🌻පුලුවන්ද පන තරම් ආදරේ කරපු කෙනා එක පාරටම යන්න යද්දී හිත හදාගෙන සමු දෙන්න!!! 🌻පුලුවන්ද කාලේකට පස්සේ වැරදි හදාගෙන ආපහු ආවම හැමදේම අමතක කරලා සමාව දෙන්න!!!! •ජ...