ගෙවෙමින් තිබුනේ ජියා ජන්කුක් ඇතුලු සියලු දෙනාගේ කොලේජ් එකේ අන්තිම දවස් කීපය.... තවත් සති තුනකින් final exam පටන් ගන්න නියමිත වෙලා තිබුනා....
එක්සෑම් එකෙන් පස්සේ එලබෙන graduation ceremony එකෙන් පස්සේ හැම කෙනෙක්ම අවුරුදු දහනවයක කොලේජ් ජීවිතේට සමු දෙනවා...එතනින් පස්සේ එකිනෙකා තම තමන්ට ආවේනික පාරවල් වලින් ඉස්සරහට යාවී....
ජියා මේ වෙනකොටත් ඒ සදහා මූලික පියවර තියලා තිබුනා.... ජියාගේ පපා නම්ජූන් ට ඕන වූනේ ජියා බිස්නස් ගැන දුරට ඉගෙන ගන්නවා දකින්න....ඒත් ජියාට ඕන වුනේ ඩිසයිනින්ග් ඉගෙන ගන්න....
ජියා මේ වෙනකොටත් සාර්ථකව ඩිසයිනින්ග් වල මූලික අධ්‍යාපනය අවසන් කරලා හිටියා, ඒත් තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුනා... හයස්ටඩීස් කරන ගමන් ම ඩිසයිනින්ග් වල ඉතිරි ටික කන්ටිනිව් කරන්න ජියා හිතාගෙන හිටියා.....
"මීසුයා ඔයා ඉවරවෙනකන් මං ලයිබ්රි එකට ගිහින් එන්නද?"
පුරුදු විදිහටම මීසු ස්විමින්ග් ප්රැක්ටිස් කරන තැනට ආපු ජියා ඇහුවා.... මීසු හිනා වෙලා ඔලුව වැනුවා....
ජියා හෙමින් ලයිබ්රි එක පැත්තට ඇවිදගෙන ගියා... ස්පෝර්ට් ස් ක්ලබ් එක පහු කරගෙන ලයිබ්රි එකට යනකොට ජියා දැක්කා ප්රැක්ටිස් කිට් එකෙන් හිටපු ජන්කුක් සුදු පාට ටවල් එකකින් මූන පිහන ගමන් රියා එක්ක හිනා වෙවී කථා කර කර ඉන්නවා.....
හිතට හීන් රිදුමක් දැනුනත් ජියා ජන්කුක් ගේ වචන විශ්වාස කලා... කිසිම වෙලාවක ජන්කුක් ආදරෙයි කියලා නොකිව්වත් ජියා ඒ ගැන වද නොවීම විශ්වාස කලා....
හෙමින් ලයිබ්රි එක ඇතුලට ඇවිදගෙන ගිය ජියා උස පොත් රාක්ක අතරින් ඔහේ ඇවිදගෙන ගියේ සිතුවිලි අතරේ අතරමං වෙලා.... ඒ නිසාම කලබලෙන් ලයිබ්රි එකට දුවගෙන ආපු ජන්කුක් ව ජියා දැක්කේ නෑ....
ජියා ලයිබ්රි එක පැත්තට ඇවිදගෙන යනවා දැක්කට පස්සේ ජන්කුක් ඉක්මනින් රියා එක්ක කථාව නවත්තලා ජියාගේ පස්සේන් දුවගෙන ආවා...
වෙනදට ජියාව දකින හුරුපුරුදු පොත් රාක්ක අතරේ ජියා නෑ කියලා දැක්කම ජන්කුක් එහාමෙහා ඇවිදලා ජියාව හෙව්වා.... පොත් දාර දිගේ අත අරගෙන යනගමන් බිම බලාගෙන බර කල්පනාවක ගිලිලා ඉන්න ජියාව දැක්කම ජන්කුක් හුස්මක් ඉහල පහල දාලා ජියා ලගට ඇවිදගෙන ගියා.....
YOU ARE READING
🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction🌻බිදුනු හදවත් !!! 🌻පුලුවන්ද හදවතක් බිදුනම ආපහු තිබුන විදියටම බැදීම් අලුතින් පටන් ගන්න!! 🌻පුලුවන්ද පන තරම් ආදරේ කරපු කෙනා එක පාරටම යන්න යද්දී හිත හදාගෙන සමු දෙන්න!!! 🌻පුලුවන්ද කාලේකට පස්සේ වැරදි හදාගෙන ආපහු ආවම හැමදේම අමතක කරලා සමාව දෙන්න!!!! •ජ...