🌻15

706 147 18
                                    

"වට් ආයූ මෑඩ් ජියා!! ඔයා හොද සිහියෙන්ද ඉන්නේ ආ?"

ජියා පපාගේ පනිවිඩේ ජන්කුක් ට කියපු පලවෙනි තත්පරේ ම ජන්කුක් කේන්තියෙන් කෑ ගැහුවා....

"ජන්කුක් ලිස්න්!! පපා විරුද්ධ වෙන්නේ නෑ!! පපාට ඕන ඔයාව මුන ගැහෙන්න විතරයි!!"

ජියා  කිව්වා.. ජන්කුක් බැල්කනි රේලින්ග් එකට අතින් පාරක් ගහලා කට කොනකින් හිනා වුනා.....

"ඔයා තාම ඔයාගේ පපා ගැන දන්නේ නෑ ජියානා!! එයාට ඕන අපි දෙන්නව වෙන් කරන්න!! මං කීයටවත් එයාව මුන ගැහෙන්න එන්නේ නෑ,  බට් අයි නීඩ් යූ ප්‍රින්සස්!! හොදට මතක තියාගන්න!! යූ ආ මයින්!! ඔන්ලි මයින්!!"

ජන්කුක් තදින් කියනකොට ජියා තොල් තද කරගෙන අහගෙන හිටියා.....

"ඒත් මං පපාට මොනවද කියන්නේ ජන්කුක්!!"

"ඔයා කියන්න මං එන්නේ නෑ කිව්වා කියලා!!"

ජන්කුක් ගානකට නොගෙන කිව්වා...

"ඒත් ජන්කුක්...!!"

"ලිස්න් ජියා!! ඔයා ඔයාගේ පපා කවුද කියලා නොදන්නවා වුනාට මං දන්නවා ඔයාගේ පපා කවුද කියලා,  සෝ මට එයාගේ ලොකු කථා අහන්න ඕන කරන්නේ නෑ, ඒ වගේම මං එයාගේ කකුල් දෙක ලගට එන්නෙත් නෑ!!"

ජන්කුක් කිව්වා....

"ප්ලීස් කුක්, මං වෙනුවෙන්!!"

ජියා බැගෑපත් වුනා....

"ඔයා වෙනුවෙන් තමයි ප්‍රින්සස් මං නෑවිත් ඉන්නේ!! ඔයා හිතනවද ඔයාගේ පපා මට එන්න කියන්නේ ආදරෙන් ඔයාව මට දෙන්න කියලා!! කවදාවත් නෑ ජියා!!"

ජන්කුක් කිව්වා...

"මං පපාට ඔයාගේ ගෙදර එන්න කියන්නද එහෙනම්!!"

ජියා ඊලගට ඇහුවා...

"හාහ් ඔයාට ඕන මට ඉන්න ගෙදරත් නැති කරන්න නම් එයාව මෙහෙට එවන්න!!"

ජන්කුක් ඊලගට කියලා කෝල් එක කට් කලා..... ජියා මොහොතක් phone එක දිහා බලාගෙන හිටියා.... ලොකු කදුලු බෝල දෙකක් කම්මුල් දිගේ පහලට ගලනකොට ජියා තොල් තද කරගෙන ඉකිය හංග ගත්තා......

උනුසුම් අත් දෙකක් ඉනවටේ එතෙන කොට හැන්ගිලා තිබුන ඉකිය බිදිලා යද්දී ජියා හීන් හඩින් ඉකිබින්දා.....

🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now