දවස් හරි ඉක්මනින් ගෙවිලා ගියා... දවසින් දවස ජන්කුක් ගේ අවදානේ හරි පුංචිවට ජියාට ලැබුනා...මුලින්ම ඒ ගැන පුදුම වුනත් පස්සේ පස්සේ ජියා පුදුමේ අමතක කරලා සතුටු වුනා..... ජන්කුක් රියා පෙම්වතුන් නොවන වග මීසු හොයාගෙන තිබුනා....ඒ නිසාම හොර රහසේ ලැබෙන ඒ හිතුවක්කාර ඇස් බැල්මෙන් හදවත සතුටින් ඔද්දල් වෙන එක හන්ගන්න ජියාට ඕන වුනේ නෑ......
ජියා ගුඩ්මෝනින්ග් කියද්දී ලස්සනට හිනා වෙලා ගුඩ්මෝනින්ග් කියන්න, ක්ලාස් රූම් එකේ උගන්වන වෙලාවක හොරෙන්ම ජියා දිහා බලාගෙන ඉදලා ජියා බලනකොටම වෙනතක් බලන්න, ප්රැක්ටිස් කරන වෙලාවක ජියා ග්රවුන්ඩ් එකට ගියොත් එක මොහොතකට ඔලුව හරවලා ජියා දිහා බලන්න ජන්කුක් අමතක කලේ නෑ.....
මේ හැම පුංචි දේකින්ම ජියා ඕනවටත් වඩා සතුටු වුනා.... ඕනවටත් වඩා බලාපොරොත්තු එකතු කලා....ඒ වගේමයි ජන්කුක්ත්... එහෙම වෙලාවක කම්මුල් රතු කරගෙන බිම බලාගෙන හිනාවෙන ජියා දිහා බලලා ජන්කුක්ත් ඕනවටත් වඩා සතුටු වුනා, බලාපොරොත්තු එකතු කලා.... හැබැයි ඒ එකිනෙකාට වෙනස් අරමුණු දෙකක් වෙනුවෙන්..
"නූනා ටේටේ හෙයොන්ග්නුත් එනවා අද මැච් එකට, ඔන්න තමුසේ යන්නේ එහෙම නෑ කතාවට, අපි සපෝට් කරන්න ඕන අපේ කොලේජ් එකට තේරුනාද?"
තවත් කාර්යබහුල උදේක කොලේජ් එකට එන ගමන් හිටපු ජිමින් ජියා දිහා බලලා කිව්වා.... ජියා ඇස් රෝල් කරලා කට ඇදකලා....
අද ජියාගේ කොලේජ් එකයි ඩේගු වල කොලේජ් එකකුයි අතරේ බාස්කට් බෝල් මැච් එකක්.... දවස් ගානක් තිබුන මැචස් වලින් පස්සේ අද තමයි final එක.... සෝල් නැෂනල් කොලේජ් එක වගේම ඩේගු නැෂනල් කොලේජ් එක අතරේ තමයි final මැච් එක...
කිම් ටේහ්යුන්!! ටේහ්යුන් තමයි ඩේගු ටීම් එකේ කැප්ටන්, ඒ වගේම ජියාගේ කසින් බ්රදර්.... ජියාගේ ග්රෑන්ඩ්පාගේ එකම සහෝදරයගේ ග්රෑන්ඩ් සන් තමයි ටේහ්යුන් කියන්නේ..... ටේහ්යුන් ගේ පපාත් පවුලේ එකම දරුවා ඒ නිසාම එයා ජියාගේ පපා එක්ක ගොඩක් එකුතු වුනා.... ඒ වගේමයි ටේහ්යුන්ත්....ටේහ්යුන් පවුලේ එකම දරුවා ඒ නිසාම පුංචි දා ඉදලා ටේහ්යුනුත් ජියා ජිමින් එක්ක ගොඩක් එකුතු වුනා....
YOU ARE READING
🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction🌻බිදුනු හදවත් !!! 🌻පුලුවන්ද හදවතක් බිදුනම ආපහු තිබුන විදියටම බැදීම් අලුතින් පටන් ගන්න!! 🌻පුලුවන්ද පන තරම් ආදරේ කරපු කෙනා එක පාරටම යන්න යද්දී හිත හදාගෙන සමු දෙන්න!!! 🌻පුලුවන්ද කාලේකට පස්සේ වැරදි හදාගෙන ආපහු ආවම හැමදේම අමතක කරලා සමාව දෙන්න!!!! •ජ...