🌻.2nd

898 180 34
                                    

අද තවත් අලුත්  දවසක්..... හැමදාමත් වගේ ජියා උදේම නැගිටලා උනන්දුවෙන් ලෑස්ති වුනේ කොලේජ් යන්න....ජියා ඉගෙන ගන්න දක්ෂයි....  ජන්කුක් හැමදාම පන්තියේ පලවෙනියා වෙද්දි ජියා හැමදාම පන්තියේ දෙවැනියා වුනා... 

වෙනදා වගේම ජිමින් එක්ක රන්ඩු වෙවී කොලේජ් එකට ආපු ජියා වාහනේන් බහිනකොට ම ජන්කුක් එයාගේ පපා එක්ක ඇවිත් පපාගේ පුංචි කා එකෙන් බහින හැටි ජියා දැක්කා. වටපිට නොබලම ජන්කුක් කොලේජ් ගේට් එකෙන් ඇතුලට යනකොට ජියා දුවගෙන ගිහින් ජන්කුක් ට එකතු වුනා...

"ගුඩ් මෝනින් ජන්කුක්!!"

ජියා හිනා වෙලා කිව්වා....

"මෝනින්ග්!!"

ජන්කුක් ඕනවට එපාවට කිව්වා....ජියා තොල් උල් කරගත්තා.... ඒත් එක්කම පිටිපස්සෙන් රියාගේ කලබල හඩ ඇහෙනකොට ජියා වගේම ජන්කුක්ත් පිටිපස්ස හැරිලා බැලුවා....

"ජන්කුක්!! ගුඩ් මෝනින්ග්!! අද හවස වැඩේ ඕකේ නේද?"

දුවගෙන ආපු රියා ජන්කුක්යි ජියායි මැද්දෙන් නැවතිලා ජන්කුක් දිහා බලලා ඇහුවා....

"ඕකේ!! මං පපාට කිව්වා ගෙදර යද්දී ටිකක් හවස් වෙනවා කියලා...."

ජන්කුක් රියා දිහා බලලා ලස්සනට හිනා වෙලා කිව්වා.... ජියා ජන්කුක් දෙන්නා හිටියේ එකම ක්ලාස් එකේ... ඒත් රියා හිටියේ වෙන ක්ලාස් එකක.... ජන්කුක් බාස්කට් බෝල් ටීම් එකේ කැප්ටන් නිසත් රියා චියර් ලීඩින්ග් ටීම් එකේ කැප්ටන් නිසත් එයාලා අතර හොද හිතවත් කමක් තිබුනා.....

ජියා එතනම හිටගෙන ඉන්නකොට ජන්කුක් රියා එක්ක හිනාවෙවී ඉස්සරහට ඇවිදගෙන ගියා.... ඇස්වල කඳුළු පිරුනත් රියා ඇහිපිය ගහලා කදුලු හංග ගත්තා...

මුලු වෙලාවේම පාඩමට ඇහුම්කන් දෙනවා වෙනුවට ජියා කලේ කම්මුලට අතක් තියාගෙන ජන්කුක් දිහා බලාගෙන හිටපු එක...ජන්කුක් හිටියේ උනන්දුවෙන් පාඩමට ඇහුම්කන් දෙන ගමන්....ජියා එක සැරේටම ගැස්සිලා ගියේ කවුරු හරි කෙනෙක් වැලමිටෙන් ඉනට ඇනපු නිසා...නොරිස්සුමෙන් ඔලුව හරවලා බලපු ජියා දැක්කේ ජියාගේ යාලුවා මීසුගේ තරහින් රතු පාට වුන මූන....

🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now