"මමා ප්ලීස් ඩෝන්ට් ක්රයි මමා, ගුකීට රිදෙන්නේ නෑ, ඇත්තමයි, ඒත් මමා අඩනකොට ගුකීගේ මෙතන රිදෙනවා...."
තාමත් ඉකිබිදින ජියා දිහා බලලා කැනියුලා එක ගහපු අත පපුව උඩින් තියලා පුංචි කොල්ලා කියනකොට ජියා තොල් තද කරගෙන ඉක්මනින් කදුලු පිහගත්තා.....
"ඉක්මනින් ම ගුකීයි මමායි ආපහු ජැපෑන් යමු හොදේ..."
ජියා ඉකිය හංගලා කිව්වා...ගුකී ලස්සනට හිනා වුනා....
"අපි ආපහු අපේ චූටි ගෙදරට යමු ම්? බේබිට මතකද එහේ? "
ජියා ඇහුවා...
"මතකයි මමා, ගුකී කැමතියි එහේ යන්න!! ගුකී ප්රොමිස් වෙනවා, ගුකී වෙනදා වගේම ක්‍රිස්මස් ට්‍රී එක යටින් ලැබෙන free ටෝයි එකෙන් අවුරුද්දම සෙල්ලම් කරනවා, කැන්ඩීස් ඉල්ලන්නෙත් නෑ....!!"ගුකී හිනාවෙලා කියනකොට ජියා ගුකීගේ කම්මුලට හාදුවක් දුන්නා....
"ගුකීට මතකද ඉස්සර මමා එක්ක රෑට තරු බලපු හැටි!!"
ජියා අහනකොට පුංචි කොල්ලා ඔව් කිව්වේ දිලිසෙන ඇස් වලින්....
"තරු තමයි ගුකීගේ නෑයෝ!! "
ගුකී හිනාවෙලා කිව්වා...ජියා හිනා වෙලා ඔලුව වැනුවා...
"ලස්සනටම දිලිසෙන පපා තරුවට තමයි ගුකී වැඩියෙන්ම ආදරේ කලේ මමාට මතකද?"
ගුකී අහනකොට ජියා බිම බලාගෙන ඔලුව වනලා කදුලු හැන්ගුවා....
"ඒත් දැන් නම් ගුකී පපාට චුට්ටක් වත් කැමති නෑ! ගුකීට පපා කෙනෙක් ඕන නෑ මමා, ගුකීට ඕන මමා එක්ක ආපහු ජැපෑන් යන්න!!"
සන්ගුක් කියනකොට ජියා නහය උඩට ඇදලා ඔලුව වැනුවා....
"අපි යමු!! ගුකීට සනීප වුන ගමන්ම අපි ආපහු යමු ඕකේ!!"
ජියා කිව්වා...තවත් අඩ හෝරාවක් විතර ජියා ගුකී එක්ක කථා කලේ වෛද්‍ය උපදෙස් මත... වෛද්‍යවරුන්ට සන්ගුක් ගේ මතකය පරීක්ෂා කරන්න ඕන කරලා තිබුනා.... කථා බහ අතරතුරේ සන්ගුක් ගේ මතකයේ වෙනසක් නෑ කියලා ජියා ස්ථිර කලාට පස්සේ සන්ගුක් ට නින්ද යන්න ඉන්ජෙක්ෂන් එකක් දීපු වෛද්‍යවරයා පිටවෙලා ගියේ හැමදේම හොදින් කියලා තහවුරු කලාට පස්සේ......
YOU ARE READING
🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction🌻බිදුනු හදවත් !!! 🌻පුලුවන්ද හදවතක් බිදුනම ආපහු තිබුන විදියටම බැදීම් අලුතින් පටන් ගන්න!! 🌻පුලුවන්ද පන තරම් ආදරේ කරපු කෙනා එක පාරටම යන්න යද්දී හිත හදාගෙන සමු දෙන්න!!! 🌻පුලුවන්ද කාලේකට පස්සේ වැරදි හදාගෙන ආපහු ආවම හැමදේම අමතක කරලා සමාව දෙන්න!!!! •ජ...