🌻08

811 166 60
                                    

හැමෝම පිටවෙලා ගිහින් විනාඩි දහයකට විතර පස්සේ ජන්කුක් ගේ පපා එක්ක රියාගේ පපා ආවා.... ජන්කුක් ගේ පපා වාහනෙන් බැහැලා එද්දී තවත් වතාවක් ජන්කුක් දිහා හැරිලා බලපු රියා දුවගෙන ගිහින් වාහනේට නැග්ගා...

ජන්කුක් ගේ පපා හිනාවෙවී ජන්කුක් ජියා ඉන්න තැනට ඇවිදගෙන ආවා....

"පපා මං ජියාව ඇරලවලා එන්නම්..".
ජන්කුක් කියනකොට ජියා ඇස් ලොකු කරගෙන ජන්කුක් ගේ පපා දිහා බැලුවා....

"ඕකේ ඕකේ!! පරිස්සමින්!"

හිනාවෙවී ජන්කුක් ගේ උරහිසට තට්ටු කරපු ජන්කුක් ගේ පපා ජියා දිහා බලලා හිනාවෙලා ඇතුලට ගියා... ජියා තාමත් පුදුමෙන් බලාගෙන හිටියා....

"පපා ඩ්‍රින්ක්ස් අරගෙන ඉන්නේ ඒකයි කතා නොකලේ, එන්න යමු!!"
ගල් ගැහිලා ඉන්න ජියා දිහා බලලා ජන්කුක් හිනාවෙලා කිව්වා... යන්තමින් ඔලුව වනපු ජියා ජන්කුක් ගේ පිටිපස්සෙන් ම කම්ප්ලෙක්ස් එකේ කා පාක් එකට ඇවිදගෙන ගියා....

"ඔයාට ප්රශ්නයක් වෙන එකක් නෑනේ මාත් එක්ක යන එක?"

සාක්කුවේ තිබුන යතුරකින් කබඩ් එකක් ඇරලා ඒකෙන් හෙල්මට් දෙකක් එලියට  අරගෙන ජන්කුක් අහනකොට ජියා නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා...

"ජ්..ජන්කුක් ඇයි හෙල්මට්ස්?"

"ආ...හෙල්මට් දාගෙන කා එකේ යන්නේ නෑනේ?"..

"පැත්තක කලු පාට කවර් එකක් දාලා තිබුන ස්පෝට් බයික් එක කවර් එක අයින් කරලා නිරාවරණය කරන ගමන් ජන්කුක් කිව්වා... ජියා ඇස් ලොකු කලා...

"දැන් කියන්න එපා කවදාවත් බයික් එකක ගිහින් නෑ කියලා නම්..."

හෙල්මට් එක ඔලුවට දාගන්න ගමන් ජන්කුක් කිව්වා.... ජියා ඇස් ලොකු කරගෙන ම ඔලුව උඩ පහල වැනුවා...

"හාහ් සීරියස්ලී?"

බයික් එකට නගින ගමන් කට කොනකින් හිනා වෙලා ජන්කුක් ඇහුවා...ජියා තොල නොපිට පෙරලලා බිම බලාගත්තා....

"ඕකේ ඕකේ ඔයාගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක එක්ස්පෙන්සිව් ලේටස්ට් මොඩ්ල් එකක නම් නෙවෙයි,  ඒත් ආම් අ ගුඩ් රයිඩර් ඕකේ... ඒ නිසා බය නැතුව නගින්න කෝ එන්න!!"

🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now