🌻13

771 155 30
                                    

"මේ තරම් දේවල් මොකටද කුක්?"

ජියා ඇස් ලොකු කරගෙන ඇහුවා...

"වයි? අපි දෙන්නා දවස් හතක් ම කන්න බොන්න ඕනේ ආයේ ආයේ ටවුන් එකට එන්න බෑ,  ඒක නිසා මේ ඔක්කොම අරගෙන යන්න ඕන!!"

අන්තිම බෑග්ස් දෙකත් කා එකට දාන ගමන්  ජන්කුක් ජියාගේ පුදුමය ගානකට නොගෙන කිව්වා.....

"තව ගොඩක් දුරයිද?"

මුහුදු හුලගට අවුල්වෙන කොන්ඩේ අතින් හදන ගමන් ජියා සියවෙනි වතාවටත් ඇහුවා.....

"තව පැයක් විතර යාවී!!"

ජන්කුක් ඉස්සරහා බලාගෙනම කිව්වා...ජියා තොල් උල් කරගෙන ඉස්සරහ බලාගත්තා.....

ජන්කුක් ජියා එක්ක සෝල් වලින් පිටත් වෙද්දී උදේ එකලොහ පහුවෙලා තිබුනා..... සමර් වැකේෂන් එකට යුනිවර්සිටි එකේ යාලුවෝ එක්ක ට්‍රිප් එකක් යනවා කියලා ජියා ගෙදරට කියලා තිබුනා....
පුංචි කාලේ ඉඳලම නිදහසේ හැදුන කෙල්ලෙක් වුන ජියාගේ ජීවිතේට කිම් දෙමහල්ලෝ ඕනවට වඩා බලපෑම් කලේ නෑ.... ඒ නිසා ජියා ජීවිතේ නිදහස උපරිමයෙන් වින්දා... කිසිම දවසක  ජියා ලැබුනු නිදහස අයුතු විදියට භාවිතා කලේ නෑ.... ඒත් දැන් හැමදේම වෙනස් වෙලා.... ආදරේ කියන බැදීම ජියාගේ ඇස් බැදලා දාලා.....

ජියා ජීවිතේ පලවෙනි වතාවට ලැබුන නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්නවා.... ඒත් ජියාගේ හිතේ පුංචිම වත් පසුතැවීමක් නෑ....ජියා හිටියේ ඕනවටත් වඩා සතුටින්.....

ටිකෙන් ටික නාගරික පරිසරයෙන් මිදිලා වාහනේ ග්‍රාමීය පරිසරයකට අවතීර්ණ වෙමින් තිබුනා.... නොකඩවා ඇහෙන වාහන වල හඩ වෙනුවට සොබාදහමේ  හඩ අවට පැතිරිලා තිබුනා.... අහස උසට විහිදුනු ගොඩනැගිලි වෙනුවට බැලු බැලු අත කොල පාට ගස්කොළන් විතරක් පේන්න තිබුනා....

බුසාන් නගරේන් ලන්ච් එක අරගෙන, සතියකට ගෙදරට ඕන කරන බඩුමුට්ටු ටිකත් අරගෙන නිවිසැනසිල්ලේ ගමන පිටත් වෙනකොට පරක්කු වුන පැය කීපය නිසාම මේ වෙනකොට වෙලාව හවස තුන පහු වෙලා තිබුනා.....

මග දිගට දුර ගැන කන්කෙඳිරි ගාපු ජියාගේ සද්දෙ නැවතිලා තිබුනේ ජියා අවට දර්ශනයට වශීවෙලා හිටපු නිසා..... පාර දෙපැත්තේම උසට වැඩුන කැලෑව එක්ක ඈතින් ඈතට ගෙවල් තිබුන බාගෙට බාගයක් කැලෑවට ගිහින් තිබුන ගම දිහා ජියා ඇස් දල්වගෙන බලාගෙන හිටියා.....

🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now