ජියා ජන්කුක් එක්ක එකම කාමරේ බෙදාගන්න අරගෙන මේ වෙනකොට සති දෙකක් ගෙවිලා ගිහින් තිබුනා....
හැම රෑකම ජියා ඇදේ නිදාගද්දි ජන්කුක් සෝෆා එකේ නිදාගත්තා... ජියා ජන්කුක් ට ඇදෙන් නිදාගන්න කිව්වෙත් නෑ, ජන්කුක් ඇදට එන්න හැදුවෙත් නෑ....
ගෙවුණු සති දෙකටම ජියා ජන්කුක් අතරේ වචන කීපයකට වඩා හුවමාරු වෙලා තිබුනේ නෑ.... හන්ගුක් වලට ආපු මුල් කාලේ වගේ ජන්කුක් වදවෙවී ජියාගේ පස්සෙන් ආවේ නෑ....
උදේම ගුකී එක්කම ගෙදරින් පිටවෙන ජන්කුක් හවස ගුකී එක්කම ගෙදර ආවා.... ගුකී නින්දට යනකන් ම ගුකී එක්ක කාලේ ගෙවන ජන්කුක් ගුකී නිදාගත්තට පස්සේ රූම් එකට එනවා....ගෙවුණු සති දෙකටම ජන්කුක් ගේ දවස ගෙවුනේ ඔය විදියට....ජියා තාමත් ජිමින් ගේ කම්පැනි එකේ එයාගේ තනතුරේ රාජකාරී කලා... මුල් දවස් කීපයේ කීප දෙනෙක් ගේ ඇස් බැල්ම වදයක් වුනත් ජියා ඒ දේවල් ඉග්නෝ කරලා තමන්ගේ වැඩ වලට අවදානේ දුන්නා.....
ජිමින් නම්ජූන් දෙන්නා කොච්චර කිව්වත් ජියාට ජිමින් ගේ ආයතනය බාරගන්න ඕන වුනේ නෑ.... ගෙවුණු අවුරුදු අට ජීවිතේට හරි ලස්සන පාඩම් කීපයක් උගන්නලා තිබුන නිසාම ජියාට ඒ ලැබුන වැටුප ඕනවටත් වඩා වුනා......
අද අලුත් දවසක්..... පුරුදු විදිහටම ජියා උදේම ඇහැරුනා.. .ගුකී ගේ උදේ කෑම ලෑස්ති කරලා ගුකීව ස්කූල් යන්න ලෑස්ති කලේ ජියා.... වෙලාව පාන්දර පහ පහු වෙලා විනාඩි තිහක් වුනා.. වෙනදට මේ වෙලාවට ජන්කුක් තද නින්දක හිටියත් අද ජන්කුක් කවුච් එකේ හිටියේ නෑ....
වොෂ් රූම් එකෙත් ජන්කුක් ගේ සේයාවක් වත් පේන්න තිබුනේ නෑ... ඉක්මනින් සූදානම් වුන ජියා ගුකී ගේ රූම් එකට ගියා... ඒත් ගුකී හිටපු විදිය දැක්කම ජියාට ජන්කුක් ව සහමුලින්ම අමතක වුනා.....
"ගුක්!! බේබි ගෝඩ් හොදටම උනනේ!!"
උණ සීතලට ගැහෙන ගුකීගේ නලල උඩින් අත තියලා කලබලෙන් කියපු ජියා ඉක්මනින් ගුකීව ලෑස්ති කරගත්තා.... සිද්ධ වුන ඇක්සිඩන්ට් එක නිසාම මාස කීපයක් ගෙවෙන කන් ගුකීට පුංචි අසනීපයක් හැදුනත් හොස්පිට්ල් අරගෙන එන්න කියලා ගුකී ව චෙක් කරපු ඩොක්ටර් ජියාට දන්වලයි තිබුනේ.....
YOU ARE READING
🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction🌻බිදුනු හදවත් !!! 🌻පුලුවන්ද හදවතක් බිදුනම ආපහු තිබුන විදියටම බැදීම් අලුතින් පටන් ගන්න!! 🌻පුලුවන්ද පන තරම් ආදරේ කරපු කෙනා එක පාරටම යන්න යද්දී හිත හදාගෙන සමු දෙන්න!!! 🌻පුලුවන්ද කාලේකට පස්සේ වැරදි හදාගෙන ආපහු ආවම හැමදේම අමතක කරලා සමාව දෙන්න!!!! •ජ...