🌻21

889 172 16
                                    

අලුත් projects එක්ක වැඩි වැඩියෙන්   කාර්යයබහුල වුන නිසාම ජියාට දවල් කාලේ වෙන දෙයක් හිතන්න වෙලාවක් තිබුනේ නෑ.....
රෑ වෙනකොට සන්ගුක් ගේ  ස්කූල් එකේ කතා අහන ජියා සන්ගුක් එක්කම නින්දට ගියා.... සන්ගුක් ඉක්මනින් නින්දට වැටුනත් ජියාගේ ඇස්වලට නින්ද ගොඩක් දුර වුනා.....

අමාරුවෙන් හැමදේම අමතක කරලා හදාගෙන හිටපු හිත වේදනාවෙන් රිදුම් දෙන්න අරගෙන තිබුනා..... ජියා ට ඕන වුනා හැමෝටම කෑ ගහලා කියන්න අවුරුදු අටක් තිස්සේ තමන් පුංචි දරුවෙක් එක්ක දුක් විදපු හැටි.... අඩියෙන් අඩිය අද ඉන්න තැනට එන්න මොන තරම් නින්ද නැති රාත්‍රී ගෙවිලා ගියාද කියලා කියන්න.... මොන තරම් වැඩ කලාද කියලා කියන්න.... මොන තරම් කෑම වේල් මගෑරියාද කියලා කියන්න....

ඒත් ජියා නිහඩව ව හැම කෙනෙක්ගෙම කථාව අහගෙන හිටියා....තමන්ගේ කතාව හිත අස්සේම හංගගත්තා..... දරාගැනීම!! ඒ තමයි ජියා පහුගිය අවුරුදු අටේදි ජීවිතේට ඉගෙන ගත්ත ලොකුම පාඩම....
දුක කියලා අනුකම්පාව ඉල්ලනවට වඩා ඒ දුකෙන් එලියට එන්න ජියා පුරුදු වුනා... හිනාවෙලා සමච්චල් කරන මිනිස්සුට නිහඩවම සාර්ථක වෙලා පෙන්නන්න ජියා පුරුදු වුනා....
පපා ලග හිටියා වගේ සුඛෝපභෝගී ජීවිතයක් නොගෙව්වත් ජියා දැන් පටන් ගත්තාට වඩා  හොදින් ජීවත් වුනා...ගෙවුණු අවුරුදු අට එක්ක බලනකොට ජියාට මේ ගෙවෙන ජීවිතේ ඕනවටත් වඩා හොද වුනා.... ජියා පිලිගත්තා තාමත් හිත අස්සේ හැන්ගුන නොතේරෙන වේදනාවක් තියනවා කියනෙක,  ඒත් පුංචි සන්ගුක් ගේ එක පුංචි හිනාවකට ඒ හැමදේම අමතක කරන්න  ජියාට පුලුවන් වුනා.....

ආදරේ අයන ආයනු කියවපු දා ඉදලා ජියා අනාගතේ ගැන හීන දැක්කේ ජන්කුක් එක්ක, ජියා බලාපොරොත්තු ඇහින්දේ ජන්කුක් එක්ක.....ඒත් නොහිතුව විදියට ඒ හීන බලාපොරොත්තු කන්දම නාය ගියාට පස්සේ,  ජියා රටින් පිට වුනේ අරමුණක් නැතිව.... නොමැරී ජීවත් වෙන්න විතරයි ජියාට ඕන වුනේ....

ඒත් හරි හදිසියේ දවසක පුංචි ගුකී ගැන දැනගත්තට පස්සේ, කෑ ගහලා අඩන්න ඕන වුනත් ජියාගේ මූනේ මදහසක් ඇදුනා.... ඉතින් ජියාට අරමුණක් ලැබුනා..... කුණාටුවකට අහුවෙලා ඔහේ පාවෙමින් තිබුන ඔරුවක් වගේ වුන ජියාගේ ජීවිතේට පුංචි ගුකී පාර කියන පහන් කනුවක් වුනා.....

🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now