Chapter 01

1.1K 81 12
                                    


" අනේ මාව අතාරින්න... ප්ලීස්.. මට යන්න දෙන්න... "

හැඩි දැඩි උස මහත පිරිමි දෙන්නෙකුගෙ අත්වලට මැදි වෙලා ඉන්න ආරා කකුල් ගස ගසා දඟලන්නෙ මෙතනින් ගැලවෙන්න.

ඒත් ඒ මිනිස්සු දෙන්නටවත් එයාලාට ඉස්සරහින් යන මහත ගැහැනු කෙනාටවත් මේ ගැන වගේ වගක් නැහැ.

කෙල්ලගෙ අදෝනාව කනකටවත් නොගෙන උන් මේ කෙල්ලව අරන් යන්නෙ හිතක් පපුවක් නැති ගානට.

කොරිඩෝව දිගේ ආරාව ඇදගෙන ඇවිත් කාමරයකට තල්ලු කරලා දාලා දොරත් දඩස් ගාලා වහගෙන උන් ඔක්කොම එළියට ගියේ ආරා කොහෙන්දෝ පාත් උනා වගේ ඔලුව කරකව කරකව වටපිට බලද්දි.

එක පුංචියට හදපු හොටෙල් එකක් වගේ තියන room එකක්. ඇඳකුත් කාමරය එලිය කරවන එක එක විදිහෙ ලයිටිවලින් විතරක්ම හැඩ උන මේ කාමරය ආරාගෙ හිතට ගෙනාවේ මහ මූසල හැඟීමක්.

මෙතන තවත් ඉන්න එක මෝඩ කමක් කියලා දැනෙද්දි ආරා එයාගෙ මුලු ශක්තියම යොදවලා දොර ඇරගන්න උත්සහ කලත් දොර හෙලවුනේවත් නැති තරම්.

ඒ වෙනුවට ආරාට ඇහුනේ කාමරය පැත්තට කවුරු හරි එන අඩි සද්දයක්. ටිකෙන් ටික අඩි සද්දය ලඟින්ම ඇහෙන නිසා ආරා දොරට කන තියලා අහන් හිටියේ ඇත්තටම ඒ කෙනා එන්නෙ මේ දිහාවටද කියලා.

" තාම කෙල්ලට විස්සක් වගේ. මම හිතන්නෙ වර්ජින් තවම. ඒ නිසා පරිහ්සමින් කොල්ලො. "

" මම ඔයාට ඒ කෙල්ලට හරි යන තරම් සල්ලි දුන්නනේ මට ඕවගෙන් වැඩක් නැහැ. "

දොරට කන තියන් ඉන්න ආරාට දොරෙන් එහා පැත්තෙන් ඇහුන දේවල් ආරාගේ කන්වල දෝංකාර දෙනවා. ආරා කන් දෙකත් වහගෙන ඇඳ පල්ලෙ ඉඳගත්තෙ ඇස්වලින් එකදිගටම ගලන කඳුලු නවත්තගන්න බැරුව.

කෙල්ලට දැනුනේ එයාගේ මුලු ජීවිතයම නතර උනා වගේ. එයාගේ future husband වෙනුවෙන් පරිස්සම් කරපු හැමදේම නොදන්න කෙනෙක්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න දෙන්න වෙන එක ගැන ආරාට දැනුනේ කියාගන්න බැරි තරම් වේදනාවක්.

ඊටත් වඩා අප්පිරියාවක්. තමන් ගැනම තමන්ට දැනෙන හැඟීම කියාගන්න බැරුව ආරා වේදනාවෙන් මිරිකි මිරිකි ඇඳ පල්ලට ගුලි වෙලා අඬන්න ගත්තා. හුස්ම ඇද ඇද අඬන ආරාට වටේ පිටේ වෙන දේවල් ගැන කිසිම ගානක් තිබුනෙ නැහැ.

 𝕭𝖊𝖓𝖎𝖌𝖓Where stories live. Discover now