Chapter 06

703 75 11
                                    


ඒත් එක්කම වගේ club එක වටෙන්ම ආහුනේ කලබලකාරී ඝෝෂාවක්.

ඒ අතරෙ ලාවට වගේ ඇහෙන සයිරන් සද්දයත් එක්ක ටේ ටිකක් විතර කලබල උනත් එතනින් පැනලා නොගියේ මේක එයාගෙ වරදක් නොවන නිසා.

මොකද මේ වෙලාවේ මෙතනින් පැනලා යන එකෙන් වෙන්නෙ තවත් ටේව කොටු වෙන එක. සීසීටීවි වගේම ගොඩක් අය දැක්කා පාරා හිටියේ ටේත් එක්ක.

කඩිමුඩියේ දුවගෙන ආව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ම තමන්ගෙ ගන් ඒම් කලේ පාරාගෙ නිසල සිරුර දිහා බලන් ඉන්න ටේ දිහාවට.

" Mr. Kim Taehyung... අපිට සිද්ධ වෙනවා ඔයාව arrest කරන්න. "

ටේ තමන්ගෙ අත් දෙක උස්සලා සන් කලේ තමන් යටත් වෙනවා කියලා.

" arrest him "

ඉහල නිලධාරියාගෙ අණට කීකරු උන පොලිස් නිලධාරියෙක් ටේට මාංචු දැම්මෙ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් එකතු වෙලා ටේව කවර් කරද්දි.

.
.
.
.
.

Jin hyung pov :

" සෝනා....!!!! ටේ යන තැන කියලද ගියේ ? " ඉවසලා ඉවසලා බැරිම තැන ජින් හ්යොන්ග් සෝනා ඔන්නිගෙන් ඇහුවේ දැන් වෙලාව දහයත් පහුවෙලා නිසා.

" නැහැ... ජිනී... මම හිටියෙත් නැහැ ගෙදර එයා යද්දි.... සර්වන්ට් කෙනෙක් නම් කිව්වෙ සූබින් එක්ක ගේයා කියලා....."

" සූබින්.... ඕකා තමයි මගේ මල්ලිගෙ ජීවිතය විනාස කරන්නෙ... අද ආව දෙන්කෝ... දෙකෙන් එකක් විසඳගන්න. "

ජින් හ්යොන්ග් එයාගෙ අතේ තිබුන පත්තරෙත් හයියෙන් මේසයට විසි කරලා දාලා නැගිටලා කාමරයට යන්න ගියා.

සෝනා ඔන්නිත් හිටියේ ගැහි ගැහී... ජින් කියන්නෙ හැම වෙලේම තරහ යන කෙනෙක් නොවුනත් තරහ ගියාම නම් එයා හැසිරෙන්නෙ දුර දිග නොබලා.

ඉක්මනටම බබාගෙ වැඩ ටික ඉවර කරලා ජින් හ්යොන්ග්ව සනසන්න කාමරයට යන්න ගිය සෝනා ඔන්නී ආයෙම සාලය දිහාවට හැරුනේ සාලයෙ මැද තිබුන ජින් හ්යොන්ග්ගෙ phone එක රින්ග් වෙන්න ගත්ත නිසා.

📲 Namjoonie

සෝනා ඔන්නි වැඩි ගානක් නැතුවම phone එක ආන්ස්වර් කලේ call එක එන්නෙ වෙන කාගෙන්වත් නෙවෙයි නම්ජූන්ගෙන් නිසා.

 𝕭𝖊𝖓𝖎𝖌𝖓Where stories live. Discover now