Final chapter pt.02

492 50 24
                                    


හිතේ දෙගිඩියාව පැත්තකට දාපු ආරා තමන්ගෙ අතින් අල්ලගෙන ඉන්න කෙනා දිහා බැලුවම තමයි ආරාට හුස්ම ගන්නත් අමතක උනේ.

" ටේ... "

ආරාට කියවුනේ එච්චරයි. ආරාගෙ ඇස්වලින් කඳුලු කැට කඩන් වැටුනේ ජිමින්වත් ටේවත් ටිකක් විතර දුකට පත් කරලා. ඒත් ඒ දෙන්නම දැනන් හිටියා අනිවාර්යයෙන්ම ආරාගෙ රිඇක්ෂන් එක මේ වගේ වෙයි කියලා.

ටේ ආරාව තමන්ගෙ පපුවට තුරුල් කරගෙන ආරාගෙ හිස පිරිමැද්දෙ හරි ආදරණීයව. හැම දෙයක්ම හරි කියන්න වගේ.

ජිමිනුත් ලන් වෙලා ආරාගෙ ඔලුව අත ගෑවේ හරි ආදරෙන්. ආරා ටේවත් ඈත් කරලා ජිමින්ට තුරුල් උනේ පුඅංචි ඉකිගැස්මක් එක්ක. ටේට නමා හිනා. මේ පිස්සු කෝලමගේ වැඩ දැකලා.

" මේ මිනිස්සුත් බලන් ඉන්නවා. දැන් ඇති නේද මගේ හොටු කෙල්ල ඇඬුවා ? "

ජිමින් හුරතලෙන් ඇහුවම කෙල්ල වටපිට බලලා කඳුලු පිහදගෙන මොකුත් නොවුන ගානට ෆාදර් ඉස්සරහ හිට ගත්තා.

හැම දෙයක්ම ජිමින් වගේම ටේ සැලසුම් කරපෝ විදිහටම සිද්ධ උනා. හිතුවටතී වඩා ලස්සනට දෙන්නගෙ වෙඩින් එකේ වැඩ කටයුතු ටික කරගන්න එයාලාට පුලුවන් උනා.

ඉතින් හැමෝගෙම ආශිර්වාදය මැද්දෙන් දෙන්නා පිටත් උනේ ටේ ඒ දෙන්නා වෙනුවෙන්ම වෙන් කරගත්ත නවීන පන්නයේ සුඛොපබෝගී නිවහනට.

යන අතරමග ටේට තේරුනා ආරාට දැනගන්න දේවල් ගොඩක් ඇති කියලා.

Flashback

ඔන දේකට මූණ දෙන්න හිතාගෙන ජිමින්ගෙ ගෙදරට ආව ටේ හියුන් ජිමින්ගෙ ගෙදරට ආවේ දෙකෙන් එකක් විසඳගන්න.

කිසිම අවසරයක් නැතුව ගේ ඇතුලටම කඩාගෙන බිඳගෙන ආවේ පුරුද්දටත් වඩා කලබලයට.

" ආහ් එන්න ටේ... ඇවිත් වාඩිවෙන්න. "

ජිමින් හිනාවෙලා කිව්වෙ ටේවත් පුදුම කරලා.  ජිමින් මෙච්චර ආදරයෙන් ටේව පිලිගත්තෙ නම් හොඳකට නෙවෙයි කියලා ටේට තේරුම් යන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

ජිමින් පෙන්නුවේ CCTV footage. ඔව් එදා රෑ ක්ලබ් එකේදි ආරාට තමන් අතින් වෙච්ච අසාධාරණය ගැන.

 𝕭𝖊𝖓𝖎𝖌𝖓Where stories live. Discover now