Chapter 15

393 40 7
                                    


" නයිස් ටූ මීට් යූ ආරා... මගේ ඔම්මා ඉන්නෙ මෙහෙ.. මම කලින් ඔයාව දැකලා නැහැ. ඒ නිසයි ඇහුවෙ. "

එහෙම කියාගෙන සූබින් අඩියට දෙකට ආරාට ලන් උනේ නම් මහ කුප්ප හිනාවක් කට කොනේ තියාන.

ආරාත් අඩියෙන් අඩිය පස්සට තිබ්බෙ බයෙන් ගොලු වෙලා.

" මගේ එකීගෙන් ඈත් වෙලා ඉඳපන් පර බ## " ටේ එක පාරටම එතනට ආවේ ආරා කොහොමටවත් හිතපු නැති විදිහට.

ආරා බය උනාටේඅ වඩා දැන් ඉන්නෙ ගැස්සිලා. මාස දෙකක් පුරාවට ඒ රුව නොදැක්ක තරම්. ඒත් අද නොහිතපු වෙලාවක නොහිතපු විදිහට ඒ රුව ආරාගෙ ඉස්සරහට ඇවිත්.

ආරා කොච්චරනම් හිතේන් දුක් වෙන්න ඇතිද එදා දවස ගැන හිතලා. එදා ටේ යද්දි කඳුලු හන්ග ගන්න ඕන නිසා කියලා ආරා නිදි වගේ හිටියත් කවුද දැනන් උන්නෙ එදායින් පස්සෙ ටේ ආයම නොඒවී කියලා.

ටේගෙ ඇස්වලින් ගිනි පිටවෙනවා වගේ. අත්වල නහර ඉලිප්පිලා තරහටම. රතු උන ඇස්වලින් ටේ සූබින් දිහා බලන් හිටියේ පුදුමෙන් වගේ.

මොලෝ සිහියක් නොවුන ආරා සූබින්වත් තල්ලු කරගෙන ගිහින් ටේව බදාගත්තෙ අමාරුවෙන් හරි වැටෙන්න දඟලන කඳුලු හන්ගගෙන.

ටේත් ආරාව තවත් ඒ සුවිසල් පපු තුරුලේ හන්ගගත්තෙ හරි ආදරෙන්. ආදරේ උනත් ඒ දේ ආරාටම විතරයි. සූබින්ට දවා අලුලන බැල්මක් විතරමයි ටේගෙන් හමු උනේ.

" ආහ්.... ටේ ... මේකිද දැන් උඹේ VVIP කෑල්ල. ම්ම්ම්ම්ම්ම් මරු කඳ බන්. "

සූබින් ආරාගෙ ඉහේ සිට දෙපතුල දක්වම මහ කෑදර බැල්මක් දාගෙන කිව්වෙ ටේගෙ ඉවසීමෙ සිමාවෙ අන්තිමයත් කිට්ටු වෙද්දි.

" අදට විතරක් මට දීප- "

චටාස් 🖐🏻

සූබින්ට කියන්න හම්බුනේ එච්චරයි. ටේටත් ඉස්සර උනු ආරා ටේගෙ පපුවෙන් ඈත් වෙලා සූබින්ගෙ කන හරහා රත් වෙන්න දුන්නෙ සූබින්ගෙ ඔලුවත් කරකවලා අත හැරියා වගේ වෙන්න.

සූබින් කාරයටත් දැන් ඉහ මොළ තද උනත් සූබින් ඉවසුවේ මේ වෙලාවෙ ටේත් එක්ක හැප්පිලා එයාට කිසිම දිනුමක් නැහැ කියලා හොඳටම දන්න නිසා.

 𝕭𝖊𝖓𝖎𝖌𝖓Where stories live. Discover now