" හරි... ඕක ඔයනින් තියන්න....
ආ... තව ටිකක් එහාට කරන්න...
අයිගෝ... බලාගෙන අනේ.. "ජිමින් ඔලුවෙත් අත ගහගෙන මේ බරටම වැඩ කරන්නෙ තමව්ගෙ සේවකයන් එක්ක මලම පැනලා. ඒත් ඉතින් මොනවා කරන්නද මේවා කරන්නත් එපැයි.
📲
" කොහෙද මිනිහො උඹ ඉන්නෙ ?
තමුසේ කරන්න ඕන වැඩත් ඔක්කොම දැන් මමද කරන්න ඕන... ? කොහෙද ඉන්නෙ තමුසේ "" ඉවරද ? "
කෝල් එක ආන්ස්වර් කරපු ගමන් වෙන්නෙ මේක කියලා ඉවෙන් වගේ දැනන් උන්නු කෝල් එක ගත්ත මනුස්සයා මිනිත්තුවක් දෙකක් යනකන් ෆෝන් එක කනට තියා කන ලඟටවත් ගත්තෙ නැහැ.
" තමුසේ..... "
" මම මේ එන ගමන් ජිමිනා... කොහෙද මේ මාව dress කරන මිනිහා පරක්කු උනානේ. "
" හරි හරි ඉක්මනට වරෙන්. කට්ටියම ඇවිත් බලන් ඉන්නෙ උඹලා එනකන්. "
" ආරා තාම දන්නැහැ නේද ?"
" නැහැ. හරි එහෙනම් පරිස්සමට එන්නකෝ. "
..........
ෆෝන් එකේත් සාක්කුවට දාගෙන ජිමින් හොටෙල් එකේ රූම් එකකට ආවේ ජිමින්ගෙ නපුරු මූණත් මවාගෙන.
කොල්ලා ටික වෙලාවක් ගල් ගැහිලා බලන් හිටියේ අද තමන්ගෙ නංගිව කොච්චර නම් ලස්සනට පේනවද කියලා. ඒත් ආරාගෙ මූණේ වගේම ජිමින්ගෙ මූණෙත් කිසිම හිනාවක් තිබුනේ නැහැ.
" ඔප්පා... මේක කරන්නම ඕනද ? "
ආරා ජිමින්ගෙ අති එල්ලීගෙන ඇහුවේ අනුකම්පාවෙන් මූණම පුරවගෙන හරි අහින්සක විදිහට උනත් ජිමින් කලේ ගස්සලා අහක බලාගත්ත එක.
" ඔව් ආරා. මගේ තීරණයෙ වෙනසක් නැහැ. "
ජිමින් ආරාව තමන්ගෙ ඉඵසරහට ගන්න ගමන් කිව්වෙ ආරාගෙ මුහුණ දිහා හොඳින් බලන ගමන්. ආරාගෙ පෑගුණ කෙසෙල් ලෙල්ලක් වගේ තියන මුහුණ දක්කම කොල්ලට හිනා යන්න ආවත් කොල්ලා හිනාව තද කරගත්තා.
ආරාගෙ බලවත් විරෝධතාව මැද උනත් කෙල්ලවත් ඇදගෙන ජිමින් හෝල් එකට ඇතුල් උනේ ආරාගේ ජීවිතේ ලස්සනම දවස පටන් ගන්න ඉතුරු වෙලා තියන්නෙ තව ටික වෙලාවක් විතරක් නිසා.
ආරා නම් නිකමටවත් ඔලුව ඉස්සුවෙ නැහැ. මූණත් දෙක කරන් බිම බලාගෙන හිටියා විතරයි. ජිමින් ආරාව අල්ලගෙන ගිහින් ආරාගෙ සහකරුගෙ අත උඩින් අත තිබ්බා ම තමයි කෙල්ල ඔලුව ඉස්සුවෙ.
ඒ අතේ අයිතිකාරයාව ආරාට අඳුනගන්න ගත උනේ තත්පරයකටත් අඩු කාලයක් උනත් මේ වෙලාවේ ආරාට එක විශ්වාස කරන්න ඕන උනත් ආරා හිත යටින් ත කෙනා වෙන්න කියලා ප්රාර්ථනා කලත් ආරාගෙ හිත හොඳින්ම දන්නවා ඒක කවදාවත් වෙන්නෙ නැහැ කියලා.
🤎💮~To be continue~💮🤎
අවුස්සලා යන්න ආවේ... අද රෑට ඉතුරු කොටස.
![](https://img.wattpad.com/cover/325791332-288-k554898.jpg)
YOU ARE READING
𝕭𝖊𝖓𝖎𝖌𝖓
FanfictionKim Taehyung ff 🔞 18+ " අනේ මහත්තයෝ... මාව බේරගන්න... මහත්තයාට පින්... " " මේ club එකේ ඉන්න ගොඩක් කෙල්ලො බලන් ඉන්නෙ මාත් එක්ක slept කරන්න. ඔයා වෙන කෙනෙක්ගෙ වෙන්න කලින් මගේ වෙන එක ගැන කවදම හරි ආඩම්බර වෙයි කෙල්ලෙ. " #sinhala #KTH #fanfiction This is...