"කුකීඊ.. මගෙ දෙවියනේ ඔයා අපිව බලන්න ඇවිත්." ජන්ග්කුක්ව දැකපු ජින්ගෙ දෑස් විසල් වී ගියා.
"මට ඔයාව ගොඩක් මතක් වුණා ජින්.." ජන්ග්කුක් ජින්ගෙ අත් අතරට තුරුල් වෙලා ඒ පළල් උරහිසකට මූණ තදකරගත්තා. සිය වැඩිමහල් සොහොයුරාගෙ පළල් උරහිස් අතර ජන්ග්කුක්ට ලොකුම ලොකු සැනසීමක්, ආරක්ෂාවක් ආයෙමත් දැනුනා.
"මං ඔයාට වඩා අවුරුදු 10ක් වැඩිමල් කියලා අමතක කරන්න එපා හරිද?" ජින් තරවටු ස්වරයකින් පැවසුවම ජන්ග්කුක් සිනාසුණා.
"කෝ තාත්තා?"
"තාත්තාට අද ජනාධිපති තුමා එක්ක සාකච්ඡාවකට යන්න වුණා. එයා රෑ වෙද්දි එයි.. කුකී අද ඉන්නවා නේද?"
"ඔව්.. මට චිම්ව බලන්නත් යන්න ඕනෙ."
"දැනටමත් ඔයා ආපු ආරංචියට ඔයාගෙ කොට යාලුවා මෙහෙ එන්න පිටත්වෙලා ඇති." ජින් කිව්වම ජන්ග්කුක් හිනාවුණා.
"ආ අයියේ.. මේ ඉන්නෙ ටේහ්‍යොන්ග්.. මගෙ ගාඩ්. එයාව දැක්කම මොකද හිතෙන්නෙ??" ජන්ග්කුක් ජින්ගෙ තුරුලෙන් ඉවත්ව ටේහ්‍යොන්ග්ව ජින් හට හඳුන්වා දුන්නා.
ටේහ්‍යොන්ග් ජින්ට ආචාර කරාම ජින් ටේහ්‍යොන්ග් දිහා විමසිල්ලෙන් බැලුවා. ඔව්, තමා ඉදිරියේ හිටගෙන ඉන්න කඩවසම් තරුණයව දැක්කම එයාගෙ දඟකාර බාල සොහොයුරා අදහස් කරේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි තරම් මෝඩයෙක් නෙවෙයි ජින් කියන්නෙ. ඒ නිසාම ජින් ජන්ග්කුක් දිහා රවලා බැලුවා.
"ඔයාගෙ ගාඩ් කඩවසම් තමයි.. ඒත් මං තරම් නෙවෙයි." ජින් එහෙම කියලා ජන්ග්කුක්ට ගස්සලා ආයෙමත් ටේහ්‍යොන්ග් දිහාවට හැරුණා.
"අපි ඇතුලට යමු.." ජින්ගෙ ආරාධනාව පිළිගත්තු ටේහ්‍යොන්ග් ජින් සහ ජන්ග්කුක් පසුපසින් ගෙට ඇතුල් වුණා.
ජන්ග්කුක් වගේම ජින් කියන්නෙත් ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙන දඟකාර නමුත් යහපත් අයෙක් බව ටේහ්‍යොන්ග්ට ඒ විනාඩි ගාන ඇතුලත වැටහුණා.
ජන්ග්කුක් කියන්නෙ උසස් කුලයක ඉහළ පැළැන්තියට අයිති තරුණයෙක්. ජන්ග්කුක්ගෙ තාත්තා Edward Jeon කියන්නෙ ඉහළ හමුදා නිළධාරියෙක්, වත්මන් රජයේ අමාත්‍යවරයෙක්. ජන්ග්කුක්ගෙ අම්මා Diana spencer කියන්නෙ රජ පවුලට දුරින් සම්බන්ධයක් තිබුණු උසස් පවුලක කුමරියක්. ඉතින් ජන්ග්කුක් කියන්නෙ කුඩා කල සිටම සම්පූර්ණ සැප පහසුකම් මධ්‍යයේ හැදුණු පොහොසත් තරුණයෙක්. නමුත් කුඩා අවදියේම ඔහුගේ මව ඔවුන්ව තනිකර දමා සදහටම මේ ලෝකයෙන් සමුගත්තායින් පසුව ජන්ග්කුක් වඩාත් නිහඬ තරුණයෙකු වන්නට වුණා. ඔහුගේ පියා දරදඬු අයෙකු වුවත් ඔහු කෙදිනක වත් ජන්ග්කුක්ට හෝ ජින්ට සැර වැර කල අයෙකු හෝ අනවශ්‍ය අන්දමින් ඔවුන්ගේ ජීවිත වලට බලපෑම් කල අයෙකු වූයේ නැහැ. නමුත් කාර්‍ය්බහුලත්වය සමඟ ඔහුට ඔවුන් හා එකට කල් ගෙවීමට තරම් කාලයක් ලැබුණේද නැහැ.

YOU ARE READING
Forget Me not [Taekook] ✔️
Fanfiction~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01 Finished : 2022-12-23 🚫 Warning: plagiarism is stealing. Comments...