~So as long as I live I love you
Will have and hold you
You look so beautiful in white
And from now to my very last breathe
This day I'll cherish
You look so beautiul in white
Tonight~ටේහ්‍යොන්ග්ගේ නිවෙසට එද්දි ජන්ග්කුක්ට නින්ද ගිහින් හිටපු නිසා ඔහුව අවදි නොකරම ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව රැගෙන ගොස් ඔහුගේ කාමරයේ ඇඳ උඩින් තිබ්බා.
ජන්ග්කුක් සහ ඔහුගේ විවාහය පිළිබඳව මීට සතියකට පෙර එඩ්වඩ් යෝජනා කිරීමෙන් අනතුරුව ටේහ්‍යොන්ග් ජන්ග්කුක් වෙනුවෙන් අවශ්‍ය සියල්ලම සූදානම් කළා. නිවෙස අලුත්වැඩියා කර ජන්ග්කුක්ට අවශ්‍ය පහසුකම් සියල්ලක්ම ටේහ්‍යොන්ග් සූදානම් කළා. කුඩා අවදියේ සිටම හමුදා සෙබලෙක් ලෙස සේවය කිරීමෙන් ලද වැටුප ටේහ්‍යොන්ග් වියදම් නොකල නිසා ඔහු සතුව සෑහෙන මුදලක් ඉතුරු වී තිබුණා. ඉතින් ජන්ග්කුක්ට අවශ්‍ය සියල්ලක්ම එලෙසින්ම සූදානම් කිරීමට ටේහ්‍යොන්ග් පසුබට උනේ නැහැ.
ජන්ග්කුක් අවදිවෙන තෙක් ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව ඔහුගේ නිවෙසට පිළිගැනීම සඳහා සූදානම් වුණා. සියල්ල සූදානම් කිරීමෙන් අනතුරුව පිරිසිදු වී සැහැල්ලු ඇඳුමකින් සැරසුණු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව අවදි කිරීමට සිතුවා. අපහසුවෙන් නමුත් ජන්ග්කුක්ව අවදි කරවපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක් හට පිරිසිදු වී පහළට පැමිණෙන ලෙස දන්වා කාමරයෙන් පිටවුණා.
YOU ARE READING
Forget Me not [Taekook] ✔️
Fanfiction~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01 Finished : 2022-12-23 🚫 Warning: plagiarism is stealing. Comments...