Chapter 15

1.1K 263 194
                                    

"ටේහ්‍යොන්ග්.." ජන්ග්කුක්ගේ සිහින් හඬට ටේහ්‍යොන්ග් ඔහුගේ කල්පනා ලෝකෙන් මිදුණා. හිමීට ජන්ග්කුක් දිහාවට දෑස් යවපු ටේහ්‍යොන්ග් එතැනම ගල්වුණා.

ටේහ්‍යොන්ග්ගේ විසල්ව ගිය දෑස් රතු සහ කළු ඉරි තියෙන සැහැල්ලු අත්දිග කමිසයකට කළු කලිසමක් ඇඳගෙන ඉන්න ජන්ග්කුක්ගේ සිරුර පුරාම යද්දි ජන්ග්කුක්ගේ කම්මුල් වලට ලේ පිරුණා.

"ට්..ටේ.."

"අහ්.. අම්.. සමාවෙන්න. ඔබ මේ වගේ සැහැල්ලු ඇඳුමකින් ඉන්නවා දැකපු ප්‍රථම වතාව." ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්ග්කුක්ගේ ශරීරයෙන් දෑස් මුදාගෙන ඔහු හැඳ සිටි කබාය උඩට කරගත්තා.

ජන්ග්කුක් හිමින් හිමින් ඇවිත් ටේහ්‍යොන්ග්ට එහා පැත්තෙන් ඉඳගත්තා.

"ඔයා ඔහොම හිනාවෙලා ඉන්නවා දැක්කම මට කොච්චර සතුටුයිද කියලා ඔයා දන්නවද කූ?"

"කූ?"

"ම්ම්.. ඔයා මට ටේ කියන නිසා මං ඔයාට කූ කියලා කියන්න හිතුවා. කැමතියිද ඒ නමට?" ටේහ්‍යොන්ග් ඇහුවම ජන්ග්කුක් හිනාවෙලා ඔලුව වැනුවා.

"ප්‍රින්ස් ජන්ග්කුක්, කිරි එක.." සේවිකාවක් ඇවිත් ජන්ග්කුක්ට ඔහුගේ උදෑසන කිරි පානය පිළිගැන්වුවා.

"ස්තූති.. ටේට?"

"මං කලින් බිව්වා ජන්ග්කුක්, ඔයා බොන්න." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් කිරි වීදුරුව බොන්න පටන් ගත්තා. අවුරුදු 27ක් උනත් තාමත් පුංචි දරුවෙක් වගේ ඇස් ලොකුකරගෙන අත් දෙකෙන්ම කිරි වීදුරුව අල්ලගෙන කිරි එක බොන ජන්ග්කුක්ව දැක්කම ටේහ්‍යොන්ග්ගේ තොල් මතින් ආදරේ පිරුණු හිනාවක් ඇඳුණා.

"ම්ම්.." උගුරක් දෙකක් ඉතුරු වෙනකම්ම කිරි එක ඉවර කරපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ට වීදුරුව දික්කරා.

"මටද??" ටේහ්‍යොන්ග් ඇහුවම ජන්ග්කුක් හිමීට ඔලුව වනලා බිම බලාගත්තා. තත්ත්පරයක් යන්නත් මත්තෙන් ටේහ්‍යොන්ග්ගේ මූණ ලොකු හිනාවකින් එළිය වුණා. ජන්ග්කුක් එකපාරටම එහෙම කරාට ඔහුවත් දැනගෙන හිටියෙ නෑ ඇයි ඒ වගේ දෙයක් කරන්න තමන්ට හිතුනෙ කියලා. කොහොම උනත් ටේහ්‍යොන්ග් ඉතුරු වෙලා තිබුණු උගුරු කීපය ඉවර කරේ ලොකු සතුටකින්.

Forget Me not [Taekook] ✔️Where stories live. Discover now