Chapter 14

1.1K 254 144
                                    

"ඔයා ආයෙ කෙනෙක්ට ආදරේ කරොත් ඔයාට පුළුවන් මේ හැමදෙයක්ම අමතක කරලා ආයෙමත් අලුතෙන් ජීවිතේ පටන් ගන්න."

"මං එහෙම කරන එක හරිද ජිමින්? මං ආදරේ ලබන්න සුදුසුයිද?" ජන්ග්කුක්ගෙ අනපේක්ෂිත පිළිතුරෙන් ජිමින් ගැස්සුණා.

"අනිවාර්‍යෙන්ම කුක්.. ඔයාගෙ වගේ අහිංසක හදවතක් ලස්සන ආදරණීය හදවතකට බැඳෙන්න ඕනෙ. ඔයා එදාට තේරුම් ගනියි ඇත්තටම ආදරේ කියන්නෙ මොකද්ද කියලා."

"චිම්.." ටිකවෙලාවක් නිහඬව හිටපු ජන්ග්කුක් බර හඬකින් කතාකරා.

"ම්ම්?"

"උම්.. ඔ..ඔයා කොහොමද හිතන්නෙ පිරිමි කෙනෙක්.. තවත් පිරිමි කෙනෙක්ට ආදරේ කරන එක ගැන?" ජන්ග්කුක්ගේ ප්‍රශ්නය ජිමින්ව මොහොතකට සීතල කරා. ජන්ග්කුක්ව හොඳටම දැනගෙන හිටපු ජිමින් වගේ කෙනෙක්ට ජන්ග්කුක් එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ ඇයි කියලා තේරුම් ගන්න අමාරු උනේ නෑ. ඒ නිසාම ජිමින් පරිස්සමෙන් පිළිතුරු දෙන්න හිතුවා.

"මං ඒ ගැන හිතලා නෑ කුක්.. ඒත්.. ඒත් මං හිතන්නෙ කවුරු කාට ආදරේ කරත් ආදරේ කියන දේ වැරැද්දක් නෙවෙයි." ජිමින් කිව්වම ජන්ග්කුක් ඇස් උස්සලා ජිමින් දිහා බැලුවා. හරියට ජිමින්ට එයාගෙ හිතේ තියෙන දේ කියනවද නැද්ද කියලා තීරණය කරන්න වගේ.

"කුක්.. මොකද්ද ප්‍රශ්නෙ? ඇයි ඔයා එකපාරටම එහෙම දෙයක් ඇහුවෙ?" ජිමින් ජන්ග්කුක්ගේ අතක් අරගෙන හිමීට තදකරන ගමන් ඇහුවා.

"මට කෙනෙක් කිව්වා එයා මට ගොඩක් ආදරෙයි කියලා.. මාව දැකපු දවසෙ ඉඳන්ම.. එයා තමයි මෙච්චර කාලයක් මාව බලාගත්තෙ. මගෙ හිත හැදුවෙ.. මං ළඟින් හිටියෙ. සමහරවිට එදා මං මගෙ ජීවිතේ නැතිකරගන්න හැදුවෙ නැත්නම් එයා කවදාවත් මට ආදරෙයි කියලා කියන එකකුත් නෑ. ඒත්.. මං දන්නවා.. ආදරෙයි කියලා නොකිව්වත් එයා දිගටම මට ආදරේ කරයි. මං ළඟින් ඉඳියි.." ජිමින් හොඳටම දැක්කා ඒ කෙනා ගැන කියද්දි ජන්ග්කුක්ගෙ ඇස් දිලිසෙනවා.

"ඒ කෙනා පිරිමි කෙනෙක්.. එහෙම නේද?" ජිමින් ඇහුවම ජන්ග්කුක් හිමීට ඔලුව වැනුවා.

"ඒ වගේම ඒ ඔබේ ආරක්ෂක ටේහ්‍යොන්ග්.. මං නිවැරැදියිද?" ජිමින් වෙතින් ඒ වදන් පිට වෙද්දි ජන්ග්කුක්ගේ දෑස් පුදුමයෙන් ලොකුවෙලා ගියා.

Forget Me not [Taekook] ✔️Where stories live. Discover now