"හි හී.. ටේ.. මට කිතී.. ඇති දැන්.." සිය ගෙල පුරා යන ටේහ්‍යොන්ග්ගේ දෙතොල් පහස දරාගන්න බැරි තැන ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව ඔහු වෙතින් ඉවත් කරන්න දැඟලුවෙ සිනහසෙමින්.
"හරි හරි ඔන්න මං නැගිට්ටා.." අවසානයේදි පරාජය පිළිගත්තු ජන්ග්කුක් ඇස් ඇරියා.
"Good morning tae.." ටේහ්‍යොන්ග් හට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරපු ජන්ග්කුක් ඇඳෙන් බැහැලා ඇඳ පිළිවෙලකට ඇහිරුවා.
පිරිසිදු වී අලුත් ඇඳුමකින් සැරසුණු ජන්ග්කුක් පහළට විත් ටේහ්‍යොන්ග් සහ ඔහු හට තේ සාදා සාලයේ කෙළවරක තිබුණු ටේහ්‍යොන්ග් ආසම පුංචි මේසය උඩින් තේ බන්දේසිය තියලා ඉඳගන්න හදද්දිම ගෙදර සීනුව නාද වුණා.
"ඔයා ඉන්න.. මං කවුද ආවෙ කියලා බලලා එන්නම්.." ටේහ්‍යොන්ග් හට පවසපු ජන්ග්කුක් සාලය හරහා ගොස් ඉදිරිපස දොර විවර කලා.
"කුකීඊ.." ඇවිල්ලා හිටපු අයව දැක්කම ජන්ග්කුක්ගේ මූණ ලස්සන හිනාවකින් සැරසුණා.
"ටේ බලන්නකො කවුද ඇවිත් තියෙන්නෙ කියලා.. අයියයි.. කැප්ටන් මස්සිනයි.. චිමුයි, යුන්ගියි, හෝසොකුයි ඔක්කොමලා ඇවිත් අපිව බලන්න." ජන්ග්කුක් කියද්දි හැමෝගෙම මූණු වල තිබ්බ හිනාව අතුරුදහන් වෙලා ගියත් ආයෙමත් ඉක්මනින් හැමෝම බොරු සිනහවකින් දෙතොල් සරසාගත්තා.
"කුකී.. යමුකෝ.. අද අපි හැමෝම ඔයා එක්ක ඉන්න නිසා පුංචි පාටියක් දාමු." ජින් වෙනසක් නොකර කියද්දි ජන්ග්කුක් ඔලුව වනලා කට්ටියටම ගෙට ඇතුල්වෙන්න ඉඩ දුන්නා.
ජින් සහ යුන්ගි සාදයට අවශ්‍ය ආහාර පිළියෙල කරද්දි අනෙක් අය ජන්ග්කුක් සමඟ එකතුවී සැරසිලි කටයුතු කරන්න ගත්තා. ඉඳහිට මෙවන් පුංචි සාද දමමින් ජන්ග්කුක්ව සතුටු කරන්නට ඔවුන් උත්සාහ කරත් පෙර හිටපු ජන්ග්කුක්ගේ සතුටින් පිරුණු හිනාව දැකගන්නට ඔවුන්ට ඒ කිසිවිටෙකත් නොහැකි වුණා. එනමුත් ඔවුන් හැකි සෑම විටම ජන්ග්කුක් අසලින් සිටිමින් ඔහුව තනි නොකරන්නට උත්සාහ ගත්තා.
"කුකී.. එන්න නටන්න??" ජිමින් ජන්ග්කුක්ගේ අතකින් ඇද්දත් ජන්ග්කුක් හිස දෙපසට සලා ඔහුට විරුද්ධ වුණා.

YOU ARE READING
Forget Me not [Taekook] ✔️
Fanfic~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01 Finished : 2022-12-23 🚫 Warning: plagiarism is stealing. Comments...